×

බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාරයක්

පසුගිය ඉරිදා බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාරයක් එල්ල විය. එය රොකට් තුනකින් එල්ල වූ බව එක්සත් ජනපද බලධාරීන් පවසයි.


පසුගිය ඉරිදා බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාරයක් එල්ල විය. එය රොකට් තුනකින් එල්ල වූ බව එක්සත් ජනපද බලධාරීන් පවසයි.

ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා ඇති නමුත් තුවාලය සුළු වන අතර පුද්ගලයා නැවත රාජකාරියට පැමිණ ඇති බව එම නිලධාරියා පැවසීය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉරිදා සවස කියා සිටියේ “ජාත්‍යන්තර කලාපයට රොකට් ගොඩබෑමේ වාර්තා පිළිබඳව තමන් දන්නා” නමුත් කිසි විටෙකත් එහිදී එක්සත් ජනපද තානාපති කාර්යාලය ආමන්ත්‍රණය නොකළ බවයි.

කිසියම් තානාපති කාර්යාල සේවකයෙකුට තුවාල සිදුවී ඇත්දැයි කළ විමසීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වීය.

“අපගේ රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ආරක්ෂා කිරීම සඳහා වන වගකීම් ඉටු කරන ලෙස අපි ඉරාක රජයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ප්‍රකාශකයා පැවසීය.

ඉරාක අගනුවර සිදු වූ රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ටෙහෙරානයට කෙලින්ම දොස් පැවරුවේ නැත, නමුත් ප්‍රකාශය තුළ අන්තර්ගත වූයේ කලාපයේ ඉරාන තර්ජන සහ එක්සත් ජනපද අවශ්‍යතා මත ඉරාන පිටුබලය ලත් හමුදා විසින් අතීතයේ එල්ල කළ ප්‍රහාරයන් ගැන ය. ප්‍රහාරයේ වගකීම පිළිබඳ ක්ෂණික ප්‍රකාශයක් නොතිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි