×

Roe v Wade වාරණයට එරෙහිව ඇමරිකානු මුස්ලිම් ප්‍රජාව වීදි බසියි.

බොහෝ දෙනා මෙය හෙලා දකින්නේ ගැහැණියගේ සිරුරේ අයිතිය, සෞඛ්‍ය ආරක්ෂණයේ අයිතිය, සමානාත්මතාවයේ අයිතිය අභියෝගයට ලක් කිරීමක් බවයි.


පසුගිය සතියේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට තුළ ව්‍යවස්ථානුකූලව ආරක්ෂාකර තිබූ ගබ්සා කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම මුස්ලිම් ආගමික නීතීන් බලාත්මක කිරීමට නෛතික වශයෙන් පිටුබලයක් සැපයීමක් බව, එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායමේ මුස්ලිම් නීතිඥවරුන්ගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක වහීඩ් අල් ජසීරා වෙත ප්‍රකාශ කර තිබිණි.

ඉස්ලාම් ආගම තුළ ගබ්සාව සම්බන්ධයෙන් තනි ස්ථාවරයක් නොමැත. මවට සෞඛ්‍යයට අවදානමක් නොමැති නම් දින 120 ක් ඇතුලත ගබ්සාවට ඉඩ ලැබෙනු ඇත. University of Wisconsin Law Schoolහි නවීන ඉස්ලාමීය ව්‍යවස්ථා න්‍යාය පිළිබඳ මහාචාර්යවරියක් වන අසිෆා කුරේෂි ලන්ඩස් මෑතකදී පැහැදිලි කරනු ලැබුවේ ”කළල රූපයක දිව්‍යමය ආත්මය විස්තර කරන කුර්ආන් වාක්‍යවල විවිධ අර්ථකථන සමඟ මුස්ලිම්වරු ගබ්සාවට විරුද්ධවීම හා එය පිළිගැනීම සාමාන්‍ය දෙයක් බවයි. සෑම ඉස්ලාමීය නෛතික රීතියක් පිළිබඳවම විවිධ මත පවතින අතර මුස්ලිම්වරුන් මෙම විවිධත්වයට හුරුවී ඇති බව ඇය විසින් ප්‍රකාශ කර ඇත.” ලෙසයි.

ක්‍රිස්තියානි ජාතිකවාදීන්, දක්ෂිණාංශික දේශපාලඥයින් සහ ගබ්සාවට එරෙහි අයිතීන් කන්ඩායම් 1973 Roe v Wade තීන්දුව අවලංගු කිරීමට එක්සත් ජනපදයේ ඉහලම උසාවියේ ජූනි 24 තීන්දුව සැමරීය. මේ වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් මහත් අප්‍රසාදයක් ඇති වී ඇති අතර විදේශීය බලවතුන්, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් මෙය හෙලා දැක ඇත. මෙම නීතිය බලාත්මක වීම මිලියන ගණනකට ජීවිතාරක්ෂක වෛද්‍ය ක්‍රියා පටිපාටියක් අහිමිවීමක් වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ආගමික සුළුතරයන් ද පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ අයිතිවාසිකම් පාගා දමා ඇති බවයි.

බොහෝ දෙනා මෙය හෙලා දකින්නේ ගැහැණියගේ සිරුරේ අයිතිය, සෞඛ්‍ය ආරක්ෂණයේ අයිතිය, සමානාත්මතාවයේ අයිතිය අභියෝගයට ලක් කිරීමක් බවයි.

ඇමරිකානු මුස්ලිම් නීතිඥ සංගමයේ (AMBA) සභාපති අදීල් බෂීර් පවසා ඇත්තේ ”ගබ්සාව සහ ප්‍රජනන අයිතීන් පිළිබඳ ප්‍රශ්නය ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි, එය වෙනත් ඕනෑම ප්‍රශ්නයක් මෙන් ඇමරිකානු මහජනතාව බෙදන ප්‍රශ්නයක් වන අතර මුස්ලිම් ප්‍රජාවද ඊට වෙනස් නොවන බව මම සිතමි,”එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ සමාජ ආර්ථික පසුබිම මත කළු, ආදිවාසී සහ වෙනත් වර්ණ සහිත පුද්ගලයින් සහ පහත් පුද්ගලයින් මෙයින් වඩාත් පීඩනයට පත් වන බවයි. මෙහිදී මිනිසුන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම හා මිනිසුන්ට ඇති විකල්ප පිළිබඳ අයිතිය මෙහිදී වැදගත් වනු ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදයේ LGBTQ මුස්ලිම්වරුන්ට සහාය දක්වන කණ්ඩායමක් වන Queer Crescent හි විධායක අධ්‍යක්ෂ Shenaaz Janmohamed පැවසුවේ ”ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමඟ ඔවුන් කෝපයට පත්ව ඇති බවයි. ප්‍රජනන අයිතීන්ට එල්ල කරන ප්‍රහාරය මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් කරන ලද අයිතීන් උල්ලංඝනය කිරීම් සහ තහනම් කිරීම් වල තවත් එකක් ලෙස සලකමින් ඇත. යනුවෙනි.”

මේ වන විට ලිබරල්වාදී මුස්ලිම්වරුන් ‌වඩාත් ධෛර්යමත් වී විරෝධතා දැක්වීමට සහ පුළුල් ව්‍යාපාර ගොඩනැගීමට වීදි බැස ඇත. තවත් සමහරුන්ට ගබ්සාව ගැන විවෘතව කතා කිරීමට එය අවස්ථාවක් වී ඇත. මේ මොහොතේ මිනිසුන් එකිනෙකා දෙස ආදරයෙන් බැලීමට හා ආරක්ෂා කිරීමට පෙන්වන කැපවීම ඉදිරි මාවතකට හොඳ අඩිතාලමක් බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් අදහස් දක්වා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි