×

බංග්ලාදේශයේ රෝහින්ග්‍යා වැසියන් ආන්තික කාලගුණයෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දේ

මෙය ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වේ.


ගිනිකොනදිග බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයක් වන කොක්ස්වලට බලපානු ලබන සුළි කුණාටු, ලැව්ගිනි සහ නායයෑම් හේතුවෙන් එහි වෙසෙන ඇස්තමේන්තුගත මිලියනයක් වන රෝහින්ග්‍යා සරණාගතයින් දැඩි තර්ජනයට ලක්ව ඇති බව දේශගුණික විශ්ලේෂකයෝ පවසා තිබේ.

මෙය ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වන අතර පසුගියදා ඇති වූ මොචා සුළි කුණාටුවෙහි දරුණුතම බලපෑම්වලින් යන්තම් ගැලවී ගියද, එම ප්‍රදේශය දැඩි අවදානමක පවතින බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් දේශගුණ විද්‍යාඥයෙකු සහ දේශගුණික විපර්යාස සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සලීමුල් හක් පැවසුවේ රොහින්ග්‍යා කඳවුරුවල ඇති ලොකුම ගැටලුව නායයෑම් බවයි.

බංග්ලාදේශය ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රාජ්‍යයන්ගෙන් එකක් වන අතර ඉදිරි වසරවලදී මුහුදු මට්ටම ඉහළ යන විට මිලියන සංඛ්‍යාත ජනතාවට පහත් වෙරළ තීරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව කියැවේ.

ජාත්‍යන්තර ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් සම්මේලනයේ (IFRC) සංජීව් කෆ්ලි, රොහින්ග්‍යා සරණාගතයින් මෙන්ම බංග්ලාදේශයේ වෙරළ තීරයේ ඔවුන්ගේ සත්කාරකයන් මුහුණ දෙන ගැඹුරු දේශගුණික තර්ජන ඉස්මතු කර ඇති අතර මෙම අභියෝග කඳවුරුවල සීමාවෙන් ඔබ්බට විහිදෙන අතර එය පුළුල් ප්‍රාදේශීය ප්‍රජාවට බලපාන බව පිළිගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි