×

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කිරීමේ චෝදනාවට සුපිරි ක්‍රීඩක රොනාල්ඩිනෝ අත්අඩංගුවට

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරමින් රට තුළට පැමිණීමේ චෝදනාව මත හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩිනෝ සහ ඔහුගේ සහෝදරයා පැරගුවේහිදී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබීය.


ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරමින් රට තුළට පැමිණීමේ චෝදනාව මත හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩිනෝ සහ ඔහුගේ සහෝදරයා පැරගුවේහිදී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරුවන් පවසන්නේ බදාදා අසුන්සියොන් අගනුවරට ගොඩබසින විට ඔවුන්ට ව්‍යාජ ලියකියවිලි ලබා දුන් බවයි. මෙම දෙපළ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ හෝටලය පොලිසිය විසින් සෝදිසි කර තිබේ.

2019 ජුලි මාසයේ දී, රොනාල්ඩිනෝ විසින් බ්‍රසීලයේ ස්වභාවික රක්ෂිතයක් තුළ නීතිවිරෝධී ලෙස ඉදිකිරීම් සිදු කිරීමේ චෝදනාවට අය කළ දඩ හා බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුගේ බ්‍රසීලියානු සහ ස්පාඥ්ඥ ගමන් බලපත්‍ර රාජසන්තක කර ඇති බව වාර්තා වේ.

39 හැවිරිදි ඔහු පැරගුවේ බලා ගොස් ඇත්තේ අඩු පහසුකම් සහිත ළමුන් සඳහා වූ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය හා ග්‍රන්ථයක් එළි දැක්වීම සඳහා ය.

රොනාල්ඩිනෝ 2004 සහ 2005 වසරේ ලෝක ක්‍රීඩකයා වූ අතර ඔහුගේ වෘත්තීය දිවියේ ප්‍රමුඛයා වූයේ ස්පාඥ දැවැන්තයකු වන බාසිලෝනා හි ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි