×

පා පන්දුවෙන් දස්කම් පෑ රොනාල්ඩෝ මැන්චෙස්ටර් හැරයයි!

මම මැන්චෙස්ටර් යුනයිටඩ්ට ආදරෙයි


ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වහාම ක්‍රියාත්මක වන පරිදි මැන්චෙස්ටර් යුනයිටඩ් හැර යන බව සමාජ මාධ්‍ය නිවේදනය කරයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ කළ සංවාදවලින් පසුව ඔවුනොවුන්ගේ ගිවිසුම කලින් අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වී සිටින බව ද රොනාල්ඩෝ ප්‍රකාශ කර සිටියේ ය.

“මම මැන්චෙස්ටර් යුනයිටඩ්ට ආදරෙයි, මම රසිකයින්ට ආදරෙයි, එය කිසිදා වෙනස් නොවනු ඇත. කෙසේ වෙතත්, මට නව අභියෝගයක් සෙවීමට සුදුසුම කාලය මෙය ලෙස හැඟේ.” යන්න රොනාල්ඩෝ අවසාන වශයෙන් පැවසීය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි