×

රොස්ලින් සුළි කුණාටුව අද මෙක්සිකෝවට

සුළි කුණාටුව මෙක්සිකෝවේ වෙරළට ළඟා වන විට සුළං, කුණාටු සහ හදිසි ගංවතුර තත්වයන් ඇතිවනු ඇති බවට අපේක්ෂා කෙරේ.


පැයට කිලෝමීටර් 215ක වේගයකින් හමා එන රොස්ලින් සුළි කුණාටුව අද දින මෙක්සිකෝවට පිවිසෙනු ඇති බවට එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC)වාර්තා කර තිබේ.

සුළි කුණාටුව මෙක්සිකෝවේ වෙරළට ළඟා වන විට සුළං, කුණාටු සහ හදිසි ගංවතුර තත්වයන් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන අතර කොලිමා, ජලිස්කෝ සහ බටහිර නයාරිට් හි ඉහළ වෙරළ තීරයේ මිලිමීටර් 100-200 (අඟල් 4-8) පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

මේ වන විට අවධානම් කලාප වලට අනතුරු ඇඟවීම් කර ඇති අතර 40,000 ක පමණ ජනගහනයක් සිටින නගරයක් වන සැන් බ්ලාස් හරහා රොස්ලින් ගොඩබිමට යනු ඇති බවට කාලගුණ විද්‍යාඥයන් පුරෝකතනය කර ඇත.


සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි සහ නොවැම්බර් අතර නිවර්තන සුළි කුණාටු මෙක්සිකෝවට එහි පැසිෆික් සහ අත්ලාන්තික් වෙරළ තීරයට පහර දෙන බවට වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි