×

ලොවම ආදරය කරන බ්‍රිතාන්‍ය රජ පවුලේ නත්තල් සුබ පැතුම්පත්

බ්‍රිතාන්‍ය රජ පවුලේ වැඩිම ජනතා ආදරයක් දිනූ යුවළ බවට පත්ව තිබෙන හැරී-මෙගන් සහ විලියම්-කේට් යුවළ ගේ ඡායාරූප ඇතුළත් නත්තල් සුබ පැතුම්පත් මේ වන විට නිකුත් වී තිබෙනවා.


හැරී මෙගන් යුවළ නිල වශයෙන් හඳුන්වන්නේ සසෙක්ස් හි ආදිපාද යුවළ වශයෙන්. විලියම් කේට් යුවළ කේම්බ්‍රිජ් හි ආදිපාද යුවළ විදිහට නිල වශයෙන් හඳුන්වනවා.

මේ අතරින් හැරී මෙගන් යුවළ විසින් සිය මංගල දින සන්ධ්‍යාවේ මල් වෙඩි සන්දර්ශනයක් නරඹන ආකාරය ඇතුළත් මනරම් කළු-සුදු ඡායාරූපයක් මෙවර නත්තල් සුබ පැතුම් වශයෙන් මුද්‍රණය කර තිබෙනවා. එකිනෙකා සමග අත්පටලාගෙන ඉතාම ආදරයෙන් ඔවුන් සිටින අයුරු එහි දැක්වෙනවා.

හැරී මෙගන් යුවළ – CHRIS ALLERTON ගේ ඡායාරූපයකි. 

විලියම්-කේට් යුවළ නම් මේ වන විට තනිව ඡායාරූපවලට පෙනී සිටිනවා අඩුයි. හැම විටම ඔවුන් සමග ඔවුන්ගේ සුරතල් දරු තිදෙනාත් සිටිනවා. මෙවර නත්තල් සුබපැතුමක් බවට පත්ව තිබෙන්නේ සිය නෝර්ෆෝක් මන්දිරය ඉදිරියේ ඔවුන් පෙනී සිටි මෙම ඡායාරූපයයි. මේ වන විට මාස අටක් වයසැති ලුවිස් කුමාරයා හෙවත් පවුලේ බාලයා කේට් කුමරියගේ අතේ සිනාමුසු මුහුණින් සිටින විදිහත් එහි දැක්වෙනවා. මේ නත්තල් සුබපැතුම්පත, ප්‍රීතිමත් පවුලකට හොඳම නිදසුනක්. පවුලේ දඟයා බවට පත්ව සිටින වැඩිමල් ජෝර්ජ් කුමාරයා නම්, තමන්ගේ දඟකාරකම මෙතැනදීත් හොඳින්ම ප්‍රදර්ශනය කරනවා.

MATT PORTEOUS විසින් ගන්නා ලද ඡායාරූපයකි.

මේ අතර ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ කැමිලා ආර්යාව, එහෙමත් නැතිනම් කෝන්වෝල් හි ආදිපාද යුවළ ක්ලැරන්ස් හවුස් අසල බංකුවක එකිනෙකා දෙස බලා සිටින මේ ඡායාරූපය, ඔවුන්ගේ නත්තල් සුබපැතුම බවට පත්වෙලා.

HUGO BURNAND PA WIRE විසින් ගන්නා ලද ඡායාරූපයකි. 

බ්‍රිතාන්‍ය රජ පවුල, සාමාන්‍යයෙන් තමන්ගේ හිතමිතුරන්ට නත්තල් සුබ පැතුම් පත් විදිහට යවන්නේ, ඒ අවුරුද්ද පුරා එකතු වූ ඡායාරූප අතරින් තමන්ගේ සිත් ගත් ඡායාරූපයයි. මේ නිසා හැම අවුරුද්දකම, ඔවුන්ගේ නත්තල් සුබ පැතුම් පත් මොනවාදැයි බ්‍රිතාන්‍ය වාසීන් මහත් උද්‍යෝගයෙන් බලා සිටිනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි