×

පැනමා ඇළ නැවත පවරා ගන්නා බවට ඩොනල්ඩ් ට්‍රුම්ප් තර්ජනය කිරීමත් සමඟ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පළමු විශේෂ සංචාරය පැනමාවට

පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ ඇළේ අයිතිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැනමා ඇළ නැවත පවරා ගන්නා බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කිරීමත් සමඟ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය පළමු නිල සංචාරය පැනමාවට යොදාගෙන ඇති බව වාර්තා වේ.

පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ ඇළේ අයිතිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර රුබියෝ පැනමාවේ උපායමාර්ගික ජල මාර්ගයේ සංචාරය කර අද(02)දිනයේදී ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ හමුවීමට අපේක්ෂා කෙරේ.

ඇළ අත්ලාන්තික් සහ පැසිෆික් සාගර සහ වෙරළ අතර තීරණාත්මක සම්බන්ධකයක් වන අතර එක්සත් ජනපද බහාලුම් ගමනාගමනයෙන් සියයට 40 ක් ඒ හරහා ගමන් කරයි. චීනය මේවන විට අවට වරායන්හි විශාල වශයෙන් ආයෝජනයන් කර ඇති බැවින් 1999 අවසානයේ එක්සත් ජනපදය විසින් භාර දුන් පැනමා ඇළ නැවත පවරා දෙන මෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකශ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි