×

ට්‍රම්ප් අද අත්අඩංගුවට ගැනේ ?

ට්‍රම්ප් අපරාධ චෝදනාවන්ට මුහුණ දෙන පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා වනු ඇත.


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ 2016 වසරේදී සරාගී තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් හට ඩොලර් 130,000ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකින් පැන නගින චෝදනා මත තමන් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා බවයි.

ඒ අනුව ට්‍රම්ප් අපරාධ චෝදනාවන්ට මුහුණ දෙන පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා වනු ඇත.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමක් හෝ එහි වේලාව පිළිබඳ නිල තහවුරු කිරීමක් මේ වන තෙක් සිදුවී නොමැති අතර චෝදනා ගොනු කළ යුතුද යන්න පිළිබඳ තීරණය නිව් යෝර්ක් නගරයේ දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග් වෙත පැවරෙන අතර නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න විමර්ශනය කිරීමට ඔහු ජූරි සභාවක් පිහිටුවා තිබේ.

මෙහිදී ට්‍රම්ප්ට විරුද්ධව ජූරි සභාව විදින් චෝදනා ගොනු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්මත ක්‍රියා පටිපාටියට අනුව සිදුවන බව ට්‍රම්ප් මහතාගේ නීතීඥයින් පෙන්වා දී තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි