×

රූපෝල් ගේ ඩ්‍රැග් රේස් තරඟය එමී සම්මාන දිනයි!

RuPaul's Drag Race හොඳම සජීවී තරඟාවලිය නමින් එමී සම්මානයෙන් පිදුම් ලබයි.


71 වන එමී සම්මාන උළලේදී රූපෝල් ගේ ඩ්‍රැග් රේස් විලාසිතා තරඟය (RuPaul’s Drag Race) හොඳම සජීවී තරඟාවලිය නමින් එමී සම්මානයෙන් පිදුම් ලබයි.

LGBTIQ ප්‍රජාව අතර අතිශයින් ජනප්‍රිය හරස් විලාසිතාකරුවන් ගේ විවිධ දක්ෂතා හා කුසලතා එලිදැක්වෙන රූපෝල් ගේ ඩ්‍රැග් රේස් තරඟාවලියේ නිර්මාතෘ නිවේදක රූපෝල් සම්මාන උළලේදී තම තරඟාවලිය පිළිබඳ ලොව මෙතෙක් තැබූ විශ්වාසයත් තම ප්‍රජාව කෙරේ දැක්වූ ආදරයත් අගය කරමින් මෙම සම්මානය ලබා ගැනීමට සහය දුන් සියළු දෙනාට තම හෘද්‍යාංගම ස්තූතිය පළ කර සිටියේය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි