×

පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට රාජ්‍යයන් උත්සුක වීමෙන් කොරෝනා යළි නැගිටිනු ඇත- ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයට එරෙහිව අලුත් ජීවන ක්‍රමයක් සොයා ගන්න


 

ව්‍යාප්ත වෙමින් පැවති කොරෝනා වෛරසය හමුවේ මෙතෙක් රාජ්‍ය්‍යන් විසින් තත්ත්වයන් පාලනය සදහා පනවා තිබූ විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් බරපතල තත්ත්වයන් උදාවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානය පවසන්නේ රාජ්‍ය්‍යන් රැසක් මේ වන විට සිය රාජ්‍ය්‍යන් හී ආර්ථික සහ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

සාමාන්‍ය පරිදි රාජ්‍ය්‍යන් හී කටයුතු සිදුවන්නට ඉඩ දී විවිද සැසුම් යළිත් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමත් සමග මෙතෙක් යම් තරමකට පාලනය වී ඇති රෝගී තත්ත්වය යළිත් පණ ගැන්වෙනු ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය ටකේෂි කසායි පැවසුවේ “මෙය පවතින සීමාවන් ලිහිල් කිරීමට කාලය නොවේ. ඒ වෙනුවට, අපේක්ෂා කළ හැකි අනාගතයක් සඳහා නව ජීවන රටාවකට හැඩ ගැසීමට අප සූදානම් විය යුතුය.” යනුවෙනි.

වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා රජයන් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත්, රාජ්‍ය්‍යන් අගුලු දැමීම සහ වෙනත් සමාජ දුරස්ථ පියවරයන් ක්‍රමයෙන් සිදු කළ යුතු බවත්, මිනිසුන් නිරෝගීව තබා ගැනීම සහ ආර්ථිකයන් ක්‍රියාත්මක වීමට ඉඩ දීම අතර නිවැරදි සමතුලිතතාවක් පවත්වා ගත යුතු බවත් ඔහු පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි