×

මිනී මවුස්ට හඬ කැවූ රුසී ටේලර් ජීවිතයෙන් සමුගනී

ඇගේ හඬින් පණ පෙවුන සුප්‍රසිද්ධ කාටූන් චරිත ගණනාවකි


වසර 30කට අධික කාලයක් මිකී මවුස් කාටුන් මාලාවේ චරිතයක් වන මිනී මවුස් චරිතය සදහා කට හඩ මුසු කළ රුසී ටේලර් මිය ගිය බව වෝල්ට් ඩිස්නි ආයතනය විසින් දැනුම් දී ඇත.

75 වන වියේදී මිය ගිය ඇය 1986 වසරේදී මුල්ම වතාවට සිය හඩ කැවීමේ මෙහෙවර ආරම්භ කර ඇත. මිනී මවුස් චරිතයට අමතරව ද සිම්ප්සන් , ද ලිට්ල් මාර්මේඩ්, කිම් පොසිබල් හී ඇයගේ චරිතද ඉතා සුප්‍රසිද්ධය.

2009 වසරේ මිය ගිය මිකී මවුස් චරිතය සදහා හඩ දායකත්වය සැපයූ වෙයින් ඇල්විනී ඇගේ සැබෑ ජීවිතයේ විවාහක සැමියා වීමද විශේෂත්වයකි.
1944 වසරේ මැයි මස 4 වන දින කේමිබ්‍රිජ් හී මැසචුසෙට් හී දී උපත ලැබූ ඇය1986 වසරේදී මිනී මවුස් චරිතයට හඩ කැවීම සදහා තේරුනේ තවත් තරග කාරියන් 200 දෙනෙකු පරදවමිනි.

මට කිසිදාකත් ජනප්‍රිය වීමට අවශ්‍ය නෑ.. ජනප්‍රිය විය යුත්තේ මාවිසින් හඩ කවන චරිතයි.. මා ඊට කැමතියි.. ඒ ඇය තම වෘතීය පිළිබදව සහ සිය ජීවිතය පිළිබදව නිතර දැක්වූ අදහසකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි