×

දැඩි පූර්ව කොන්දේසි මත යුක්‍රේන සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව එකඟ වෙයි!

දැඩි පූර්ව කොන්දේසි මධ්‍යයේ යුක්‍රේනයේ මතුව පවතින යුධමය වාතාවරණය සමථයකට පත්කිරීම සඳහා සාම සාකච්ඡා පැවත්වීමට රුසියාව එකඟ වෙයි.


පැරිසියේ සිව්-පාර්ශව සමුළුවේදී දැනට ඇණහිට ඇති යුක්‍රේන සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත්, රුසියාව මේ සඳහා එකඟ වී තිබෙන්නේ දැඩි පූර්ව කොන්දේසි සහිතව බවද වාර්තා වේ.

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ගේ අදහසක් පරිදි යුක්‍රේනය, රුසියාව, ප්‍රංශය හා ජර්මනිය ආදී සිව් රාජ්‍යයන් විසින් පැවැත්වීමට නියමිත සමුළුවේදී යුක්‍රේනයේ මතුව ඇති ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට තම රාජ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් සූදානම් බව රුසියානු නියෝජිත යුරී උෂාකොව් පැවසීය. 

කෙසේවෙතත්, මෙම සාම සාකච්ඡා පැවැත්වීම සඳහා වෙන්කළ දිනයක් පැහැදිලිව සඳහන් නොකළ උෂාකොව් ප්‍රකාශ කර සිටියේ මේ සඳහා දැඩි පූර්ව කොන්දේසි මාලාවක් තම රාජ්‍යය ඉදිරිපත් කරනා බවයි.

මේ සඳහා – නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රතිවාදී සන්නද්ධ හමුදා වෙන්කර තැබිය යුතු බවත්, ඩොන්බාස් කලාපයේ මතුව පවතින විශේෂ තත්ත්වය පිළිබඳ තම රාජ්‍යය දරණ මතයට එකඟ විය යුතු බවත්, සමුළුවේ නිගමන කුමක් විය යුතුද යන්න පිළිබඳ මූලික එකඟතාවයක් තිබිය යුතු බවත් ඔහු පැවසීය. 

යුක්‍රේනයේ අගනගරය වන කියෙව් හි හමුදා 2014 වර්ෂයේ සිට නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් සමඟ සටන් කරමින් 13,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්කිරීමට සමත් විය. මින්ස්ක් ප්‍රොටෝකෝලය හමුවේ සටන් විරාම ගිවිසුමක් ත්‍රෛපාර්ශ්විකව සිදුවූවද, මෙම බෙදුම්වාදී සටන් දිගටම සිදුවිය. 

මින්ස්ක් ප්‍රොටොකෝල්
මින්ස්ක් ප්‍රොටොකෝලය යනු යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ යුධමය වාතාවරණය නතර කිරීම සඳහා අත්සන් ලද ගිවිසුමකි. එය යුක්‍රේනයේ නියෝජිතයින්, රුසියානු සමූහාණ්ඩුව, ඩොනෙට්ස්ක් ජනරජය සහ ලුහාන්ස්ක් ජනරජය විසින් 2014 සැප්තැම්බර් 5 වන දින අත්සන් කරන ලදී. යුරෝපීය ආරක්ෂාව සහ සහයෝගීතා සංවිධානයේ (Organization for Security and Co-operation in Europe: OSCE) අනුග්‍රහය යටතේ මින්ස්ක් හි බෙලරුස් නගරයේ පැවති පුළුල් සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුම අත්සන් තබන ලදී.

එහෙත් මෙම ගිවිසුම ඩොන්බාස් හි සටන් නතර කිරීමට අසමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි