×

රුසියාව සහ චීනය ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට සැරසේ

චීනය සහ ඉන්දියාව රුසියාවේ තෙල් හා ගෑස් ආනයනය වැඩි කර ඇති අතර, යුක්රේනයේ ක්‍රියා සම්බන්ධයෙන් පනවා ඇති බටහිර සම්බාධක සමනය කිරීමට රුසියාවට සහය දක්වමින් සිටියි.


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් චීනයේ සංචාරයක දී ප්‍රකාශ කර තිබුණේ, චීනය සමඟ ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට හා මූලෝපායික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියාවේ විදේශ ප්‍රතිපත්තියේ කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ඇති බවයි.


නන්පිං නගරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කරමින් නිකොලායි පට්‍රෂෙව්ගේ කාර්යාලය නිවේදනය කර තිබුණේ දෙරටේ ආරක්ෂාවට හා දෙරටේ ව්‍යවස්ථාපිත පිළිවෙලට වල කැපීමට දරන විදේශ උත්සාහයන්ට එරෙහිව තොරතුරු හුවමාරුව පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟ වු බවයි. මෙහිදී දෙරටේම නිලධාරීන සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබිණි.


පසුගිය දා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේදී දෙරටෙහි ජනාධිපතිවරුන් හමු වූ අතර රුසියාවේ මූලික අවශ්‍යතා සඳහා ශක්තිමත් සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපති පොරොන්දු විය. චීනය විසින් රුසියාව වෙත සීමා රහිත මිත්‍රත්වයක් පෙන්නුම් කරන අතර රුසියාවේ මිලිටරි ක්‍රියා විවේචනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. චීනය සහ ඉන්දියාව රුසියාවේ තෙල් හා ගෑස් ආනයනය වැඩි කර ඇති අතර, යුක්රේනයේ ක්‍රියා සම්බන්ධයෙන් පනවා ඇති බටහිර සම්බාධක සමනය කිරීමට රුසියාවට සහය දක්වමින් සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි