×

රුසියානු යුධවිරෝධතාකරුවන් අත්අඩංගුවට

බොහෝ රුසියානුවන් පුටින්‌ගේ මතය අනුමත කරන අතර රුසියාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා බලමුලු ගැන්වීම අවශ්‍යතාවය අවධාරණය කරමින් සිටියි.


යුක්රේනය සමඟ සටන් කිරීමට අතිරේක හමුදාවන් කැඳවීමට පුටින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව සිය විරෝධතාවය ප්‍රකාශ කළ රුසියානු මානව හිමිකම් කන්ඩායමක් වන OVD-Info හි සාමාජිකයන් 900කට අධික ප්‍රමාණයක් රුසියානු පොලිස් අත්අඩංගුවට ගෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


යුක්රේනයේ ප්‍රහාර හමුවේ සිය රුසියානු හමුදාව බලමුළු ගැන්වීම වෙනුවෙන් 300,000ක පමණ හමුදා සංචිතයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් පුටින් ඊයේ කරන ලද නිවේදනයත් සමඟ දහස් ගණනින් දෙනා රට හැර යමින් ඇති අතර මේ වන විට ගුවන් ටිකට්පත්වල මිල අහස උසට නැග ඇත. තරුණයන් මේ පිළිබඳව බියෙන් පසුවන බවද වාර්තා වේ. මෙහිදී පුටින් සඳහන් කර තිබුණේ රුසියාව ආරක්ෂා කිරීමට ගත හැකි සියලුම පියවරයන් තමා විසින් ගනු ලබන බවයි.

බොහෝ රුසියානුවන් පුටින්‌ගේ මතය අනුමත කරන අතර රුසියාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා බලමුලු ගැන්වීම අවශ්‍යතාවය අවධාරණය කරමින් සිටියි.


අනවසර වීදි විරෝධතාවයන්, අන්තර්ජාලය හරහා විරෝධතා සංවිධානය කිරීම හා ඒවාට සහභාගී වීම, සන්නද්ධ හමුදාවන් අපකීර්තියට පත් කිරීම, යුක්රේනයේ රුසියාවේ හමුදා මෙහෙයුම පිළිබඳව ව්‍යජ පුවත් ප්‍රචාරය, බාල වයස්කරුවන් විරෝධතාවන් දැක්වීම වැනි කරුණු වෙනුවෙන් නඩු පැවරීමේ සිට වසර 15ක් දක්වා සිරගත කළ හැකි බවට, මොස්කව් නඩු පවරන්නන්ගේ කාර්යාලය ඊයේ (21) දිනයේ නිවේදනය කර තිබුණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි