×

රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වයට

යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා විසින් රුසියාව ලැබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතී ධූරය පිළිබඳ සඳහන් කර තිබුණේ අප්‍රේල් මෝඩයන්ගේ දිනය සඳහා මෙතෙක් සිදු වූ නරකම විහිළුව මෙය වන බවයි.


යුක්රේනයේ කෝලය මධ්‍යයේ රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ.

කවුන්සිලයේ සාමාජිකයින් 15දෙනාට සමක කාලයක් වෙනුවෙන් මාරුවෙන් මාරුවට මෙහි සභාපති ධූරය හිමිවන අතර ඒ අනුව මෙවර ආරක්ෂක කවුන්සිලය මෙහෙයවනු ලබන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට යටත්ව සිටින ජනාධිපතිවරයෙකු සිටින රටක් විසිනි.

කවුන්සිලය සාමය පවත්වා ගැනීම සඳහා වගකිව යුතු ජාත්‍යන්තර ආයතනයක් බැවින් යුක්රේනය මෙම පියවර අවහිර කරන ලෙස දිගින් දිගටම අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලා සිටිමුත් එක්සත් ජනපදය ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් ස්ථිර සාමාජිකයෙකු ඉවත් කිරීමට ඉඩ නොදෙන බැවින් තම දෑත් බැඳ ඇති බවත්, රුසියාව ස්ථිර කවුන්සිලයේ සාමාජිකයෙකු වන බැවින් සභාපතීත්වයට පත්වීම වැළැක්වීමට නොහැකි බවයි. මීට අමතරව කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් වන්නේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ චීනයයි.

යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා විසින් රුසියාව ලැබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතී ධූරය පිළිබඳ සඳහන් කර තිබුණේ අප්‍රේල් මෝඩයන්ගේ දිනය සඳහා මෙතෙක් සිදු වූ නරකම විහිළුව මෙය වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි