රුසියාව විසින් එක්සත් ජනපද ජාතිකත්වයක් තිබෙන පුද්ගලයන් 200 දෙනෙකුට රටට ඇතුළු වීම තහනම් කර ඇති බව වාර්තා වේ.
අද (11) දින රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, මෙම පුද්ගලයන් ලැයිස්තුව අතර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගේ සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.
ඒ අනුව, වැලරි බයිඩන් ඔවෙන්ස්, ජේම්ස් බ්‍රයන් බයිඩන් සහ ෆ්‍රැන්සිස් විලියම් බයිඩන් යන ඇමරිකානු ජනපතිවරයාගේ සොයුරු සොයුරියන්ට රුසියාවට ඇතුළු වීම තහනම් බව රුසියානු විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් බව එම පුවත් සේවය වාර්තා කරයි.
මෙම පුද්ගලයන් ලැයිස්තුවේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරින් ජෝන්-පියරේ ද ඇතුළත් බව සඳහන්.
මෙම තහනම පනවා තිබෙන්නේ එක්සත් ජනපදයේ වොෂිංටනය විසින් රුසියාවට පනවා ඇති පෞද්ගලික සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.