×

රුසියාවේ මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්

මෙය රුසියානු අගනුවර වෙත එල්ල වූ විශාලතම ප්‍රහාරය


සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාවේ අගනුවර වන මොස්කව් ඉලක්ක කර ගනිමින් යුක්රේනය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 11ක් ඇතුළු රටපුරා ඩ්‍රෝන යානා 45ක් රුසියානු ගුවන් ආරක්ෂක අංශය විසින් බිම හෙළා ඇති බව රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කර තිබේ.

මෙය රුසියානු අගනුවර වෙත එල්ල වූ විශාලතම ප්‍රහාරය වශයෙන් සලකන අතර යුක්රේන හමුදාව රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට කඩා වැඩි එහි පාලනය උදුරා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය විස්තර කෙරේ,

කෙසේ නමුත් අගනුවර අවට ශක්තිමත් ආරක්‍ෂාවක් නිර්මාණය කර තිබූ නිසා ඩ්‍රෝන යානා සියල්ල විනාශ කළ බව සඳහන් වන අතර මේ පිළිබඳව කිසිදු සඳහනක් යුක්රේනය දක්වා නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි