×

සෞදි තෙල් කම්හල් ගැන රුසියාව අවදියෙන්!

සවුදි අරම්කෝ කොටස් හුවමාරු සැලසුම් පිළිබඳ රුසියාව උනන්දුවෙන්..


සෞදි අරාබි රජය සතු තෙල් සමාගමක් වන සවුදි අරම්කෝ සමාගම සතු කොටස් හුවමාරු කිරීමේ සැලැස්මක් පිළිබඳ රුසියාව අවධියෙන් පසුවන සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම වාර්තා වලට අනුව, රුසියානු ආයෝජකයින් ගණනාවක් ම මෙම කොටස් හුවමාරු සැලැස්ම පිළිබඳ උනන්දුවක් දක්වන බවට රුසියානු සෘජු ආයෝජන අරමුදලේ (Russian Direct Investment Fund: RDIF) ප්‍රධාන විධායක නිලධාරී කිරිල් ද්මිත්‍රෙව් ප්‍රකාශ කොට තිබේ. 

රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ සෞදි අරාබි සංචාරයට ප්‍රථම අදහස් දක්වමින් ද්මිත්‍රෙව් පවසා තිබනේනේ, ඛනිජ තෙල් අපනයන රටවල් හා සම්බන්ධ ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් හා ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් වල සාමාජිකයන් අතර රියාද් නගරයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ගෝලීය තෙල් නිශ්පාදන ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳ කතාබහට ලක්වන් ඇති බවයි.

සෞදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට පසුගිය දිනක එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ රුසියාව මැද පෙරදිග වෙත ඩ්‍රෝන ප්‍රහාර මර්දන අවි ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබූ බවට ද මීට පෙර වාර්තා වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි