×

දරුණු න්‍යෂ්ටික පිපිරුමක් නිසා සුප්‍රකට විද්‍යාඥයින් පස් දෙනෙක් රුසියාවට එකවර අහිමි වෙයි

චර්නොබිල් අනතුරට පසු සිදු වූ දරුණතම පිපිරුම මෙයයි


රෝකට් යානයක පරීක්ෂණ කටයුතුවලදී එය පිපිරී පසුගියදා සුප්‍රසිද්ධ රුසියානු විද්‍යාඥයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒත් සමග රුසියාව ඔවුන් පසු දෙනා ජාතික වීරයින් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.


මේ පිළිබදව වැඩි දුර තොරතුරු අනාවරණයෙන් රුසියාව වැළකී සිටි අතර මෙම පිපිරුම අභිරහස් මෙන්ම අති විශාල වූ අතර එය බටහිර රුසියාව ආශ්‍රිතව සුදු මුහුදේදි සිදුව ඇත.
මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික විශෞෂඥයින් පවසන්නේ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේදී සිදුවන පිපිරීම් පිළිබදව පසුගිය වසරේ රුසියානු ජනපති වලැඩිමියර් පුටින් විසින් පුරසාරම් දෙඩූ බවයි. කෙසේ වෙතත් මෙම පිපිරුම සදහා රොකට් යානයෙහි ඉන්ධන හේතුවී ඇත.

මෙම සිදුවීම පිළිබදව ප්‍රකාශයක් නිකුත් කළ රුසියානු න්‍යෂ්ටික මධ්‍යස්ථාන ප්‍රධානී වැලන්ටින් කොස්ටිකොවු පවසන්නේ මෙම පරීක්ෂණ කටයුතු වලදී මිය ගිය විද්‍යාඥයින් ජාතික වීරයන් බවයි. එමෙන්ම ඔවුන් රුසියානු න්‍යෂ්ඨිත මධ්‍යස්ථානය සතුව සිටි වටිනාම පුද්ගලයන් බවත් ඔවුන් සිදු කළ මෙම පරීක්ෂණ විශ්වාස කළ නොහැකි තරමේ අපහසු තත්ත්වයන් යටතේ සිදු කර ඇති බවයි.
මිය ගිය විද්‍යාඥයින් පසු දෙනා රුසියාවේ සාරෝවි නගරය ආසන්නව පිහිටි න්‍යෂ්ටික මථ්‍යස්ථානයක මෙම පර්යේෂණ කටයුතු සිදු කර ඇති අතර ඔවුන් විසින් සිදු කළ පරීක්ෂණ පිළිබද වැඩි දුර තොරතුරු අනාවරණය නොකිරීමට රුසියාව වගබලා ගනිමින් සිටී,

මෙසේ මිය ගොස් ඇති විද්‍යාඥයින් පස් දෙනා වන්නේ Alexei Vyushin, Evgeny Koratayev, Vyacheslav Lipshev, Sergei Pichugin and Vladislav Yanovsky යන අයයි.

රුසියාව පවසන්නේ 1986 වසරේදී සිදු වූ චෙනොබිල් පිපිරුමට පසු රුසියාවේ සිදු වූ බරපතලම පිපිරුම මෙය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි