×

චීනයේ ඉහළම තෙල් සැපයුම්කරු ලෙස රුසියාව සෞදි අරාබිය අභිබවා යයි

රුසියාවේ ප්‍රධානතම ගැනුම්කරුවා බවට මේ වන විටට පත්ව ඇතිතේ චීනය හා ඉන්දියාවයි.


චීන රජයෙන් නිකුත් කරන ලද දත්තයන්ට අනුව 2023 වසරේ තෙල් සැපයුම්කරු ලෙස රුසියාව සෞදි අරාබිය අභිබවා ගොස් ඇති බව වාර්තා වේ.


2023 වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී පමණක් රුසියාවෙන් පැමිණි මුළු ටොන් මිලියන 15.68 ලෙස වාර්තා වන අතර සෞදි අරාබියෙන් ආනයනය කර තිබුණේ බොරතෙල් ටොන් මිලියන 13.92 ක්ය.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර සම්බාධක, රුසියානු බොරතෙල් සඳහා මිල සීමාවක් පැනවීම හා රුසියානු සැපයුම සඳහා ගැණුම්කරුවන්ගේ සංචිතය සීමා කර ඇති මුත්, රුසියාවේ ප්‍රධානතම ගැනුම්කරුවා බවට මේ වන විටට පත්ව ඇතිතේ චීනය හා ඉන්දියාවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි