×

ආහාර අර්බුදය මැද යුක්රේනයේ ධාන්‍ය අපනයනයට පුටින් ප්‍රංශය හා ජර්මනිය සමඟ සාකච්ඡා

කළු මුහුදේ වරාය හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීම සඳහා ඇති ඉඩ ප්‍රස්තාව පිළිබඳ සොයා බැලීමට තමා සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ.


ඊයේ (28) දින ප්‍රංශ හා ජර්මානු රාජ්‍ය නායකයන් සමඟ පැවති දුරකතන සංවාදයකදී රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ, යුක්රේනයට කළු මුහුදේ වරායෙන් ධාන්‍ය අපනයනය කිරීමට හැකි මාර්ග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් පසුවන බවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ පැවති දුරකතන සංවාදයේදී පුටින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ, ලෝක වෙළඳපොලට ධාන්‍ය සැපයීමේ දුෂ්කරතා බටහිර රටවල වැරදි ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි.

රුසියානු පොහොර සහ කෘෂිකාර්මික නිශ්පාදන සැපයුම වැඩිවීම ගෝලීය ආහාර වෙළඳපොලේ ඇති අර්බුදකාරී ස්වභාවය අවම කිරීමට උපකාරී වනු ඇති බවත්, මේ සඳහා රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම අවශ්‍ය වනු ඇති බවත් පුටින් පවසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි