×

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

මීට ඉහත, රුසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුක්රේන ජාතිකයන් 50 දෙනෙකු යළි යුක්රේනයට එවනු ලබන බව ඩොනෙට්ස්ක් කලාපයේ ප්‍රධානී පවසා තිබිණි.


යුක්රේනයේ මතුව ඇති යුධ තත්ත්වය තුළ යුක්රේනය විසින් රැඳවුම්භාරයට ගනු ලැබූ රුසියානු සෙබලුන් 50 දෙනෙකු දෙරට අතර සිරකරුවන් හුවමාරුව තුළ යළි රුසියාවට එවා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

අද (24) දින නිකුත් කළ නිවේදනයක් හරහා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියේ දෙරට අතර සිරකරුවන් හුවමාරුවේ නවතම අවස්ථාව ලෙස ඊයේ දින මෙය සිදුවූ බවයි.

මීට ඉහත, රුසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුක්රේන ජාතිකයන් 50 දෙනෙකු යළි යුක්රේනයට එවනු ලබන බව ඩොනෙට්ස්ක් කලාපයේ ප්‍රධානී පවසා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි