×

රුසියාව යුක්රේනයේ කොඩෙමා අත්පත්කර ගනී!

යුක්රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ පිහිටි කොඩෙමා නගරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව තිබේ.


රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද (07) දින නිකුත් කළ නිවේදනයකට අනුව, යුක්රේන හමුදාවලින් මෙම කොඩෙමා නගරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව ඇත.

කොඩෙමා නගරය නැගෙනහිර යුක්රේනයේ 600 කට අඩු ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක් වන අතර, රුසියාවට අයත් යැයි පැවසෙන ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ කොටසක් ලෙස පිහිටා ඇත.

යුක්රේනය තුළ සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට රුසියාව කටයුතු කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස වන අතර, මෙම ආක්‍රමණය ගෝලීය වශයෙන් ආර්ථික, බලශක්ති, ආහාර ඇතුළු අර්බුද රැසකට මුල පුරමින් තවමත් අඛණ්ඩව සිදුවෙයි.

රුසියානු ආක්‍රමණයට අදාළව සාම සාකච්ඡා පැවැත්වීමට එකී පාර්ශව විවිධ අවස්ථා වල කැමැත්ත ප්‍රකාශ කර තිබුණ ද ඒ කිසිවක් මේ වනතුරුත් සාර්ථක වී නැති අතර, යුක්රේනයට සහාය පතන බටහිර රාජ්‍යයන් දිගින් දිගටම යුක්රේනයට යුධ ආධාර ලබා දීම මත, මෙය යුධ උමතුවක් බවට පත්වෙමින් දිගින් දිගටම ඇදී යන බවක් දක්නට ලැබේ.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි