×

යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමයකට එකඟ නොවන බව රුසියාව කියයි!

රුසියාව, යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමටකට එකඟ නොවන බව අවධාරණය කර ඇති අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයකදී බව එරට මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක මාර්තු 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව, යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමයකට එකඟ නොවන බව අවධාරණය කර ඇති අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයකදී බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නමුත්, රුසියානු – යුක්‍රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියාව මෙහිදී කැමැත්ත පළ කර තිබෙන අතර, ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය පැය 2 කට ආසන්න කාලයක් පැවති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය අවසන් වූ සැණින් යුක්‍රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින්, රුසියානු හමුදාවට දැනුම් දී තිබුණු බව ද වාර්තා වේ.

තවද, රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් අමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි