×

රුසියාව කෝවිඩ් මරණවලින් වාර්තාවක් තබයි! – ස්පුට්නික් එන්නතත් නතර වේවිද?

සෙනසුරාදා දිනයේ රුසියාවේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 697 ක් ලෙස වාර්තා වූයේ වසංගතයේ අවාසනාවන්තම වාර්තාවක් තබමිනි.


මෙසේ ඔවුන්ගේ තත්වය නරක අතට හැරෙමින් පවතින්නේ පිට පිට 5 වැනි දිනයට ය.

රුසියාවේ දෙවැනි නගරය ලෙස සැලකෙන සාන්ත පීටර්ස්බර්ගය සිකුරාදා රාත්‍රියේ Euro 2020 ලෝක පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගාවලිය පැවැත්වූයේ ද මේ අර්බුදය අතරතුර ය. එම තරගය ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය අතර පැවැත්විණි. ඒ, සිය ගණන් කෝවිඩ් රෝගීන්, මහද්වීප ගණනාවකින් රුසියාවට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අතරින් වාර්තා වන තත්වයක් තුළ ය.

මීට පෙර මෙම තරගයේ සංවිධායකයන් පවසා තිබුණේ තමන් ‘කෝවිඩ් වෛරසයට බය නැති බව‘ යි.

රුසියාව විසින් නිපදවූ ස්පුට්නික් වැක්සිනය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ලබාගත්තද, රුසියාවේ මිලියන 146 ක් වන ජනගහනය අතරින් තවමත් වැක්සිනය ලබාගෙන තිබෙන්නේ 16%ක් පමණි. සිය ගණන් ජනතාව වැක්සින් පෝලිම්වල රැඳී සිටින බව ද වාර්තා වේ.

ඉන්දියාවේ ඩෙල්ටා වේරියන්ට් කෝවිඩ් ප්‍රභේදය හිස එසවීමත් සමග ඉන්දියාවේ නිෂ්පාදනය කරන කෝවිඩ් එන්නත් විදෙස් රටවලට ලබාදීම නතර වුණු ආකාරයට රුසියාවේ ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්වයක් මේ අනුව මතු වීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව තුළ ස්පුට්නික් 5 එන්නත හදිසි භාවිතය සඳහා මැයි මාසයේ සිට යොදාගැනේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි