×

සිරියාවේ සාමය ඇතිකරලීමට රුසියාව – තුර්කිය – ඉරානය සාකච්ඡාවක. ඇමරිකාවට දෙහි කපයි

ඒ අනුව රුසියාව, තුර්කිය හා ඉරානය විසින් නිකුත් කරන ඒකාබද්ධ ප්‍රකාශයක් හරහා සිරියාවේ සිවිල් යුධ තත්ත්වයට මිලිටරි විසඳුමක් නොමැති බවත් එය දේශපාලන ක්‍රියාවලියක් තුළින් පමණක් විසඳිය හැකිි බවත් එම රාජ්‍ය විශ්වාසය පළ කර තිබේ. 


තුර්කිය හා රුසියාව සිරියාවේ පවතින සන්නද්ධමය නොසන්සුන්තාව නතර කිරීමට එකඟතාව පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු සිරියාවේ ඉඩ්ලිබ් කලාපය තුළ පැවති ප්‍රචණ්ඩ ක්‍රියා තුළ බොහෝ ගම්මාන ඇතුළු ප්‍රදේශ රැසක් විනාශ වී තිබේ.

ඒ හමුදා ජෙට්යානා විසින් හෙලන ලද බෝම්බ හේතුවෙනි.

ගතවූ කාලවකවානුව පැවති සන්නද්ධ අරගල තත්ත්වය හේතුවෙන් සිරියාවේ මිලයනයකට ආසන්න වැසියන් අවතැන් වී ඇති බවද වාර්තා වේ.

රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් මහතා තුර්කියේ හා ඉරානයේ ජනපතිවරුන් වන ටයියිප් අර්ඩොගන් හා හස්සන් රොවුහානි යන මහත්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙන්නේ සිරියාවට එදිරි කණ්ඩායම් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවයි.

උතුරු සිරියාවේ ඉඩ්ලිබ් කලාපය ඇතුළු සිවිල් යුධමය තත්තවය උත්සන්න කලාප හඳුනා ගැනීමක් එහිදී සිදුව තිබේ.

මෙම සාකච්ඡාවේදී ජිනීවාහි ව්‍යවස්ථා කමිටුවේ රාමුව තුළ අන්තර් සිරියානු සංවාදයක් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පුටින් මහතා විසින් පෙන්වා දී තිබේ.

මෙම සංවාදයට සහාය දැක්වීමට හා සහභාගී වීමට අපේක්ෂා කරන පාර්ශව හා සෘජු සාකච්ඡා පැවැත්විය යුතු බවට හෙතෙම අවධාරණය කර තිබේ.

සිරියාවේ නව වසරක් පුරා පැවති සිවිල් යුධ තත්ත්වයේදී රුසියාව හා ඉරානය එරට ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාවන්ට ආධාර සැපයූ ප්‍රධාන විදේශාධාර පාර්ශවයන් වේ.

එහෙත් තුර්කිය සහාය සපයන ලද්දේ ප්‍රතිවාදී පාර්ශවයන් හටයි.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව හරඑා 2017 දක්වා දිවෙන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් යටතේ සටන් අඩු කිරීමට කටයුතු කිරීමට ඔවුහු එකඟ වී ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර, ඉරාන ජනපතිවරයා විසින් අවධාරණය කර තිබෙන්නේ ඇමරිකාව විසින් නීතිවිරෝධී අන්දමින් සිරියාව තුළ ස්ථාපිත කර ඇති හමුදා ඛණ්ඩ ඉවත් කර ගත යුතු බවයි.

ඒ අනුව රුසියාව, තුර්කිය හා ඉරානය විසින් නිකුත් කරන ඒකාබද්ධ ප්‍රකාශයක් හරහා සිරියාවේ සිවිල් යුධ තත්ත්වයට මිලිටරි විසඳුමක් නොමැති බවත් එය දේශපාලන ක්‍රියාවලියක් තුළින් පමණක් විසඳිය හැකිි බවත් එම රාජ්‍ය විශ්වාසය පළ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි