×

”එපා එපා, න්‍යෂ්ටික අවි එපා” බයිඩන් පුටින්ගෙන ඉල්ලයි.

යුක්රේනය තව දුරටත් තම හමුදාව පීඩනයට ලක් කරන්නේ නම් මොස්කව් වඩාත් බලවත් ලෙස ප්‍රතිචාර දක්වන බවට පුටින් අනතුරු අඟවා ඇත. මේ හේතුවත් සමඟ කුඩා න්‍යෂ්ටික හෝ රසායනික අවි වැනි සාම්ප්‍රදායික නොවන ක්‍රම භාවිතා කළ හැකි බවට ලෝක බලවතුන් අතර කනස්සල්ල ඇතිව තිබේ.


පසුගියදා රුසියාවට එරෙහිව යුක්රේනය ලැබූ මිලීටරි ජයග්‍රහණ කිහිපයට පිළිතුරු ලෙස උපායශීලී න්‍යෂ්ටික හෝ රසායනික අවි භාවිතා නොකරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලා තිබේ.


ඇමරිකා එක්සත් ජනපදයේ සාකච්ඡා වැඩසටහනකදී ඇමරිකානු වාර්තාකරුවෙකු විසින් පුටින් එවැනි ආයුධ භාවිතා කිරීමට සිතන්නේ නම් ඔහු ඔහුට පවසන්නේ කුමක්දැයි ඇසූ විට බයිඩන් ප්‍රකාශ කර තිබෙුණේ එවැන්නක් නොකරන ලෙසත්, එසේ කළහොත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම දෙයකට වඩා යුද්ධයේ මුහුණුවර වෙනස් කරනු ඇති බවත්ය. එමෙන්ම ඔවුන් කරන දේවල ප්‍රමාණය අනුව, කුමන ප්‍රතිචාරයක් සිදුවේද යන්න තීරණය කරනු ඇති බවත් ඊට එක්සත් ජනපද ප්‍රතිචාරය “ප්‍රතිවිපාක” වනු ඇති බවත් මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

යුක්රේනයේ ඊසාන දිග Izyum අහිමි වීමත් සමඟ මොස්කවු මේ වන විට විශාල පීඩනයකට යටත්ව සිටියි. යුක්රේනය තව දුරටත් තම හමුදාව පීඩනයට ලක් කරන්නේ නම් මොස්කව් වඩාත් බලවත් ලෙස ප්‍රතිචාර දක්වන බවට පුටින් අනතුරු අඟවා ඇත. මේ හේතුවත් සමඟ කුඩා න්‍යෂ්ටික හෝ රසායනික අවි වැනි සාම්ප්‍රදායික නොවන ක්‍රම භාවිතා කළ හැකි බවට ලෝක බලවතුන් අතර කනස්සල්ල ඇතිව තිබේ.


බයිඩන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වා තිබුණේ මොස්කව් මූලධර්ම යටතේ රුසියාව න්‍යෂ්ටින අවි භාවිතා කරනුයේ රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් එල්ල වන මහා පරිමාණ යුද්ධයකදී  පමණක් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි