×

යුක්රේන යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ළමුන් සංඛ්‍යාව මිලියන 4 දක්වා ඉහළට – UN

යුනිසෙෆ් සංවිධානයට අනුව සිය පළමු උපන්දිනයට පෙර මිය යන ළමුන් සංඛ්‍යාව 4,500 පමණ වන අතර, 2022 වසරේ පමණක් පාසල් හැරගිය දරුවන් සංඛ්‍යාව 117,000 ඉක්මවන ලද බව කියැවේ.


එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුධ ගැටුම් හා උද්ධමනය ඉහළයාම හේතුවෙන් නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව පුරා ළමුන් මිලියන හතරක් පීඩාවට හා දරිද්‍රතාවයට පත්ව ඇති බව ඊයේ(17) දිනයේදී නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය විය. එය 2021ට සාපේක්ෂව 19%ක වැඩිවීමකි. එමෙන්ම අතිරේක ළමුන් මිලියන 2.8 ක් දරිද්‍රතා රෝඛාවේ ජීවත් වෙමින් සිටියි.


රටවල් 22ක දත්ත අධ්‍යනය කිරීමෙන් අනතුරුව යුන්සෙෆ් සංවිධානය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ කලාපීය වශයෙන් දරිද්‍රතාවයේ සිටින දරුවන්ගේ සමස්ත වැඩිවීමෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් රුසියාවේ ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන බවයි.
යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ යුනිසෙෆ් කලාපීය අධ්‍යක්ෂ අෆ්ෂාන් ඛාන් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම දරුවන්ට සහ පවුල්වලට සහයෝගය නොදක්වන්නේ නම්, නිසැකවම ජීවිත අහිමි වීම, ඉගෙනීම අහිමි වීම සහ අනාගතය අහිමි වීම් සිදුවනු ඇති බවයි. එමෙන්ම මෙම දරුවන් අතර ප්‍රචණ්ඩත්වය, සූරාකෑම සහ අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි වේ.

යුනිසෙෆ් සංවිධානයට අනුව සිය පළමු උපන්දිනයට පෙර මිය යන ළමුන් සංඛ්‍යාව 4,500 පමණ වන අතර, 2022 වසරේ පමණක් පාසල් හැරගිය දරුවන් සංඛ්‍යාව 117,000 ඉක්මවන ලද බව කියැවේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි