×

“පුටින්ගේ යැයි කී මාළිගාව මගේයි!” රුසියානු ප්‍රකෝටිපතියක් පවසයි

ක්‍රෙම්ලින් හී විචාරක ඇලෙක්සි නවාල්නි විසින් නිර්මාණය කරන ලද මෙම මාළිගය පිළිබඳ වීඩියෝ වාර්තාවක් රුසියාව පුරා ප්‍රකට වී ඇති අතර මේ වන විට එය මිලියන 100 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇත.


 

රුසියානු ජාතික ප්‍රකෝටිපතියකු වන ආකාඩි රොටෙන්බර්ග් පවසන්නේ කළු මුදුද අද්දර ඇති විශාල මන්දිරයේ තමා මිස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නොවන බවයි.

ක්‍රෙම්ලින් හී විචාරක ඇලෙක්සි නවාල්නි ට අයත්, මෙම මාළිගය පිළිබඳ වීඩියෝ වාර්තාවක් රුසියාව පුරා ප්‍රකට වී ඇති අතර මේ වන විට එය මිලියන 100 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇත.

[embedyt]https://youtu.be/n8J2dW-QYQY[/embedyt]

නමුත් රුසියානු ජනාධිපතිවරයා මේ සතිය මුලදී මෙම විශාල මාළිගාව තමාගේ එකක් නොවන බව සදහන් කළ අතර පුටින් සමඟ සමීප සම්බන්ධතා ඇති ප්‍රකෝටිපතියෙකු වන රොටන්බර්ග් සෙනසුරාදා තමා එහි හිමිකරු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මෙම පුවත තහවුරු කිරීමට පෙර pro-Kremlin Mash Telegram නාලිකාවේ පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදු විය.

රොටන්බර්ග් පැවසුවේ මෙම ගොඩනැගිල්ල වසර කිහිපයකින් නිම කරන බවත් එය හෝටලයක් බවට පත්වනු ඇති බවත්ය. රුසියාව පුරා විපක්ෂයේ පුද්ගලයන්ට එරෙහි මර්දන ව්‍යාපාරයක් උත්සන්න වීමත් සමඟ මෙම ප්‍රකාශය ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි