රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පිපිරීමකින් පසු මධ්‍යධරණී මුහුදේ ගිලී යයි
ගිලී යාමේ තත්ත්වයන් පිළිබඳව සොයා බලමින් සිටි..
සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන Ursa Major මධ්‍යධරණී මුහුදේ දී එන්ජින් කාමරයේ පිපිරියමක් හේතුවෙන් ගිලිගොස් ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, නෞකාවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනාගෙන් 14 දෙනෙකු බේරාගෙන ස්පාඤ්ඤයේ කාටජිනා වරායට ගෙන ආ නමුත් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
මේ සමබන්ධයෙන් ස්පාඤ්ඤයේ රුසියානු තානාපති කාර්යාලය රාජ්‍ය RIA ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වනු ලැබුවේ ගිලී යාමේ තත්ත්වයන් පිළිබඳව සොයා බලමින් සිටින බවයි.