×

අභ්‍යවකාශය තරණයට සූදානම් වන රුසියානු හ්‍යුමනොයිඩ් රොබෝ FEDOR ලෝකය වෙනස් කරයිද?

ලෝකයේ ඉතාමත් අවධානම් සහිත කාර්යන් සදහා මිනිසා වෙනුවට FEDOR භාවිත කිරීම රුසියාවේ තවත් බලාපොරොත්තුවකි.


තවත් Terminator චිත්‍රපටයක දිගුවක් ගැන ජේම්ස් කැමරන් තවදුරටත් සිතනවානම් රුසියානු හ්‍යමනයිඩ් රොබෝ FEDOR ප්‍රධාන චරිතයකට ගත යුතුමය .එහිදි FEDOR ගේ අනාගත ශූරත්වය ගැන ඔහු අවධානයෙන් සිටිය යුතුමය.

FEDOR අභ්‍යවකාශය වෙත යැවීම සදහා සිදු කළ මූලික පර්යේෂණ ඊයේ දවසින් නිමා වුණේ අද ඔහු සති දෙකක් සදහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරුණ නිසාය. සති දෙකක කාලයකට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කල් ගෙවනු ඇති FEDOR ගේ හැසිරීම සහ තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් කෘතිම බුද්ධියක් සහිත රොබෝවරයෙකු ශුද්‍ර ගුරුත්වාකර්ශණයක් තුළ සිය හැකියාව ප්‍රදර්ශනය කරනු ඇත්තේ කෙසේදැයි යන්න අධ්‍යයනය කෙරෙනු ඇත‍.

මිනිසුන් රහිත රොකට්ටුවක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන්නට සූදානම් වන ගමනේදී ඊයේ FEDOR විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරනු ලැබිණ.රුසියානු බසින් පණිවිඩය නිකුත් කළ ඔහු එහි සදහන් කර තිබුණේ තමන්ව ප්‍රවාහණය කරන රොකට් යානය වන Soyuz MS හී තමන් ඉතා තද බදයෙන් යුතුව යන බවත් මොස්කව් හී වේලාව එවිට සවස 6 ආදී ලෙසයි.

FEDOR ගේ ට්විටර් පිරිවර 4000කට අධිකය. අති දක්ෂයෙකු වන FEDOR පිළිබදව මුලින්ම ලෝකය කථා බහ කරන්නේ 2017 වසරේදීය . ඒ රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධානී දිමිත්‍රි රොගෝසීන් විසින් ඉලක්කයට වෙඩි තබන අවස්ථාවක වීඩියෝවක් බෙදාහැරීමෙන් පසුවයි.
දුරස්ථ පාලන තාක්ෂණයද උපයෝගී කරමින් නිර්මාණය කර ඇති මෙම රොබෝ ස්වයංක්‍රීය හැකියාවන්ගෙන්ද සමන්විත වේ. රුසියාවේ මූලිකම බලාපොරෝත්තුව වන්නේ FEDOR සදට යවා එහි පර්යේෂණ කටයුතු පහසු කර ගැනීමයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළගා වූ පසු FEDOR එහි සිටින රුසියානු කාර්ය මණ්ඩලය සමග space-designated anthropomorphous system
පිළිබද පරීක්සණ සදහා උදවු වනු ඇත. එහිදී විශෞෂයෙන්ම රොබෝ පාලනය පිළිබදව විශේෂඥ වරයෙක් වන ඇලෙක්සැන්ඩර් ස්ක්වෝට්සොවු ගේ පාලනය යටතේ සිටිනු ඇත.
මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා මූලින්ම රුසියානු හදිසි කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි නිර්මාණය වුණු FEDOR අද අභ්‍යවකාශය තරණය කිරීමට සූදානමින් සිටී.

ලෝකයේ ඉතාමත් අවධානම් සහිත කාර්යන් සදහා මිනිසා වෙනුවට FEDOR භාවිත කිරීම රුසියාවේ තවත් බලාපොරොත්තුවකි.
Skybot F-850 නමින්ද හදුන්වන FEDOR පිළිබදව පැවති පුවත් පත් සාකච්ඡාවකට අදහස් දක්වන අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ රුසියානු උපදේශක ඇලෙක්සැන්ඩර් බ්ලොෂෙන්කෝ පවසන්නේ FEDOR යනු මිනිස් සංවේදිතාවන් ඇති මෙන්ම සමාජශීලී රොබෝ වරයෙක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි