×

රුසියාවේ ලූකොයිල් තෙල් සමාගමේ සභාපති ජනේලයකින් වැටී මරුට.

ඔහු මිය ගිය ආකාරය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන බලධාරීන් කටයුත් කරමින් සිටියි. Tass ප්‍රවෘත්ති ඒජන්සිය මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේ ඔහු හයවන මහලේ ජනේලයකින් වැටී ඇති බවත් පසුව ඔහු සියදිවි නසාගත් බවයි.


රුසියාවේ ලූකොයිල් නම් දැවැන්ත තෙල් සමාගමේ සභාපති රවිල් මගනොව් මොස්කව් නුවර රෝහලක ජනේලයකින් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ.

සමාගම විසින් ඔහුගේ මරණය තහවුරු කර ඇති අතර දරුණු රෝගාබාධයකින් පසු අභාවප්‍රාප්ත වූ බව ඔවුන් පවසා ඇත. රවිල් මගනොව් මිය යන විට 67වන වියේ පසු වූ අතර ලුකොයිල් සමාගම ලොව විශාලතම බලශක්ති සමාගමක් බවට පරිණාමය වූයේ මගනොව්ගේ කළමනාකාරිත්වයේ දක්ෂතා මත බව නොරහසකි.

මරණය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ රවිල් මගනොව් මොස්කව්හි මධ්‍යම සායනික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තුවාල හේතුවෙන් මිය ගිය බවයි. ඔහු මිය ගිය ආකාරය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන බලධාරීන් කටයුත් කරමින් සිටියි. Tass ප්‍රවෘත්ති ඒජන්සිය මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේ ඔහු හයවන මහලේ ජනේලයකින් වැටී ඇති බවත් පසුව ඔහු සියදිවි නසාගත් බවයි.

මෑත මාසවලදී රුසියානු බලශක්ති අධිකාරීවරුන් කිහිප දෙනෙකු අසාමාන්‍ය තත්වයන් යටතේ මිය ගොස් ඇත.

කෝටිපති Novatek හි හිටපු කළමනාකරු Sergei Protosenya ගේ සිරුර ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ අප්‍රේල් මාසයේදී ස්පාඤ්ඤ නිවාඩු නිකේතනයකින් සොයා ගන්නා ලදී. එමෙන්ම Gazprombank හි හිටපු උප සභාපතිවරයෙකු වන Vladislav Avayev, ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ මොස්කව්හි පිහිටි ඔවුන්ගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී හමු විය. මැයි මාසයේදී, රුසියාවේ විශාලතම පුද්ගලික සමාගමක් වන ලුකොයිල්හි අධිපති ඇලෙක්සැන්ඩර් සබ්බොටින් මිය ගිය යන ලදි. මෙම අධිකාරීවරුන්ගේ මරණ අත්ශයින්ම වියවුල් සහගතය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි