×

නිදහස් මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කළ වරදට රුසියානුවෝ සිය ගණනක් අත්අඩංගුවට

පසුගිය සතියේ පැවති තවත් විරෝධතාවයකදීද මොස්කව් හී පොලීසිය මගින් පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.


නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස රුසියානු රජයට බලකරමින් මොස්කවු හී දී පැවති උද්ඝෝෂණයක් සදහා සහභාගී වූ  800 කට අධික පිරිසක් අත් අඩංගුවට ගැනීමට රුසියානු පොලීසිය කටයුතු කර ඇත.
ඊයේ සෙනසුරාදා දින පුෂ්කින් චතුරස්‍රයේදී පැවති මෙම උද්ඝෝෂණය අතර තුර ඊට කඩා වැදුණු පොලිස් නිළධාරීන් මෙසේ පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

පොලීසිය පවසන්නේ මෙම විරෝධතාව සදහා 1500 දෙනෙකු සහභාගී සිටි බවත් තමන් විසින් 600ක් පමණක් අත් අඩංගුවට ගත් බවත්ය. නමුත් නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දෙන්නේ 828කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රදවාතබා ගත් බවයි.


පසුගිය සතියේ පැවති තවත් විරෝධතාවයකදීද මොස්කවු හී පොලීසිය මගින් පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
නිරීක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයින් රදවාතබා ඔවුන්ට පොලීසිය විසින් පහරදීම් සහ බිය ගැන්වීම් සිදු කර ඇති බවයි.

මොස්කවු නගර සභාව සදහා ආසන 45කට සුද්ස්සන් තෝරා ගැනීමේ මැතිවරණය සම්බන්ධව මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එහි පාලන කාලය වසර 5කි.

නිදහස් මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කළ වරදට රුසියානුවෝ සිය ගණනක් සිරගෙට

නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස රුසියානු රජයට බලකරමින් මොස්කව් හී දී පැවති උද්ඝෝෂණයක් සදහා සහභාගී වූ  800 කට අධික පිරිසක් අත් අඩංගුවට ගැනීමට රුසියානු පොලීසිය කටයුතු කර ඇත.
ඊයේ සෙනසුරාදා දින පුෂ්කින් චතුරස්‍රයේදී පැවති මෙම උද්ඝෝෂණය අතර තුර ඊට කඩා වැදුණු පොලිස් නිළධාරීන් මෙසේ පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

පොලීසිය පවසන්නේ මෙම විරෝධතාව සදහා 1500 දෙනෙකු සහභාගී සිටි බවත් තමන් විසින් 600ක් පමණක් අත් අඩංගුවට ගත් බවත්ය. නමුත් නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දෙන්නේ 828කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රදවාතබා ගත් බවයි.

පසුගිය සතියේ පැවති තවත් විරෝධතාවයකදීද මොස්කව් හී පොලීසිය මගින් පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
නිරීක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයින් රදවාතබා ඔවුන්ට පොලීසිය විසින් පහරදීම් සහ බිය ගැන්වීම් සිදු කර ඇති බවයි.

මොස්කවු නගර සභාව සදහා ආසන 45කට සුද්ස්සන් තෝරා ගැනීමේ මැතිවරණය සම්බන්ධව මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එහි පාලන කාලය වසර 5කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි