×

ලබන ජනවාරියේ පුටින් විශ්‍රාම යාමට සූදානම්?

පුටින් විසින් පසුගියදා හඳුන්වා දු​න් නව කෙටුම්පත් පනත ඔහු මිය යන තෙක් ඔහුට නීතිමය ප්‍රතිශක්තිය සහ රජයේ වරප්‍රසාද සහතික කරනු ඇත.


පාකින්සන් රෝගය වැළඳි ඇති බවට පැතිර යන සමපේක්ෂන මධ්‍යයේ ව්ලැඩිමීර් පුටින් ජනවාරි මාසයේදී ඉවත්ව යන බව මොස්කව්හි මහාචාර්යවරයෙක් ප්‍රකාශ කර තිබේ.

රුසියාවේ ක්‍රෙම්ලින් විචාරක මහාචාර්ය වැලරි සොලොවේ පවසන පරිදි 68 හැවිරිදි පුටින්, ඔහුගේ හිටපු පෙම්වතිය වන ඇලිනා කබේවා (37) රුසියානු ජනාධිපතිධූරයෙන් විශ්‍රාම යන ලෙස ඉල්ලා ඇත.

පුටින් පුටුවක ඇන්ද අල්ලා ​ගැනීමට යාමේදී ඔහුගේ පාද එහා මෙහා චලනය වන වීඩියෝයක් මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ විචාරකයා මෙම අදහස ප්‍රකාශ කර ඇත. වීඩියෝවේ අන්තර්ගත පරිදි මෙම අවස්ථාවේදී පුටින්ගේ ඇස් හිටපු කේ.ජී.බී. ක්‍රියාකරුගේ ඇඟිලි අතර රැදුණු පෑනකටත් කෝප්පයකටත් දිවෙයි. විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ මෙම කෝප්පය වේදනා නාශක වලින් පුරවා ඇති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා රෝගයෙන් පෙළෙන බවට ක්‍රෙම්ලිනයෙන් කිසිදු තහවුරු කිරීමක් කර නොමැත.

පුටින් විසින් පසුගියදා හඳුන්වා දු​න් නව කෙටුම්පත් පනත ඔහු මිය යන තෙක් ඔහුට නීතිමය ප්‍රතිශක්තිය සහ රජයේ වරප්‍රසාද සහතික කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි