×

රුසියානු නාවිකයෙකු ලියූ ලිපියක් සහිත බෝතලයක් 50කට පසු ඇලෙස්කාවෙන් හමුවෙයි

.


1969 වසරේදී රුසියානු නාවිකයෙකු විසින් ලියන ලද බෝතලයක බහාලූ ලිපියක් ඇලෙස්කානුවෙකු ට ලැබී ඇත. ටයිලර් ඉවානෝෆ් නම් ඇලෙස්කානු වැසියෙකු දර එකතු කරමින් සිටියදී මෙම බෝතලය හමුවී ඇත.

Map

1969 වසරේ ජුනි 20 වනදා රුසියාවට අයත් VRXF සුලක් නම් නෞකාවේ ගමන්ගත් නාවිකයෙකු විසින් මෙම ලිපිය ලියා මෙසේ බෝතලයක බහා මුහුදට දමා ඇත. මේ පිළිබදව වැඩි දුර විස්තර සොයා ගිය රුසියානු මාධ්‍යය අනාවරණය කර ගෙන ඇත්තේ ලිපිය ලියා ඇත්තේ රුසියාවු නාවික කපිතාන් වරයෙක් වන ඇනටොලී බොට්සානේකෝ විසිනි.

එම ලිපිය සොයාගත් අයටත්, නෞකාවේ ගමන් කරන අයට සහ පවුලේ උදවියටත් සුබපතන බව එම ලිපියෙහි සඳහන්ව ඇති අතර සොයා ගන්නා විට බෝතලය තුළ එම ලිපිය ඉතා සුරක්ෂිතව පැවතී ඇත.

මෙම ලිපිය ලියූ රුසියානු ජාතික කපිතාන් වරයා ට මේ වන විට වයස අවුරුදු 86 වන අතර තමන් විසින් ලියූ ලිපිය දැකීමෙන් ඔහු ඉතා සතුටට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි