×

යුක්රේන ඩ්‍රෝන යාත්‍රාවකට කළු මුහුදේදී නැවතත් රුසියානු ප්‍රහාරයක්!

කළු මුහුදේදී UAV වර්ගයේ යුක්රේන ඩ්‍රෝන යාත්‍රාවකට රුසියානු ප්‍රහාරයක්..


යුක්රේනයට අයත් ඩ්‍රෝන යාත්‍රාවකට කළු මුහුද කලාපයේ දී රුසියානු බල ඇණි රැගත් නෞකාවක් විසින් ප්‍රහාරයක් දියත් කර විනාශ කර ඇති බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, කළු මුහුද අසබඩ ක්‍රිමියාවේ සෙවස්ටපෝල් හි රුසියාව විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරයා වන මිඛේල් රස්වොස්හෙව් විසින් ඊයේ (08) දින ටෙලිග්‍රෑම් ඔස්සේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

මෙලෙස විනාශ කර තිබෙන්නේ UAV (Unmanned Aerial Vehicle) හෙවත් පුද්ගලයන් රහිත ඩ්‍රෝන යාත්‍රාවක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මෙම සිදුවීමට අදාළව යුක්රේන හෝ රුසියානු හමුදාවලින් තහවුරුකරන ලද සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගැනීමට රොයිටර් පුවත් සේවය අසමත්ව ඇති බව ද සඳහන්.

මීට ඉහත අවස්ථා කිහිපයකදී ම කළු මුහුද අසලදී යුක්රේන UAV ඩ්‍රෝන යාත්‍රා විනාශ කර දැමීමට රුසියානු හමුදා නෞකා ක්‍රියා කර තිබිණි.

ඡායාරූප: REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි