×

ලෝක විනාශ ඇදහිල්ල හඳුන්වා දුන් ද.කොරියානු පූජකවරිය වසර 6ක් සිරගෙට

.....


ලෝකය විනාශ වන දිනය මුල් කරගනිමින් ඇදහිල්ලක් හදුන්වා දුන් දකුණු කොරියානු පූජකවරියක් වෙත එරට අධිකරණය වසර 6ක් දක්වා සිර දඩුවම් නියම කර ඇත.

ෂින් ඔක් ජුන් නැමති මෙම පූජකවරිය තම අනුගාමිකයන් 400ක් දෙනා ට 2014 වසරේදී ෆීජි නුවරට යෑමට බල කර ඇත. ඒ ලෝක විනාශයෙන් මිදීම සදහා ඔවුන් එසේ කළ යුතු බවට ඔවුන්ට කරුණු දක්වමිනි.

එසේ ඔවුන් ෆීජි නුවරට පැමිණි පසු ඔවුන්ගේ ගමන් බලපත්‍ර මෙම පූජකවරියගේ පිරිස විසින් රදවාගෙන ඇති අතර මිනිස් සිරුර තුළ යක්ෂයෙක් සිටින බව පවසමින් එම බොහෝ දෙනෙකු වෙත ප්‍රචණ්ඩකාරී ලෙස පහර දී ඇත.

මේ පිළිබදව හෙළි වූ චෝදනාද සමග පසුගිය ජූලි මාසයේදී ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයට එරට අධිකරණය මෙම දඩුවම ලබා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි