×

තෙවන ලෝක යුද්ධය ඉදිරියේ සැඟවීමට සුදුසුම රටවල් මෙන්න!

උතුරු කොරියාව න්‍යශ්ඨික යුද්ධයකට මුල පුරයි ද? අපිට හැංගෙන්න තැන් තියේවිද?


උතුරු කොරියාවේ න්‍යශ්ඨික අවි පුවතත් සමඟ ලොව තුළ තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේ දැයි යන බිය ලොව පුරා හට ගෙන පවතී. මෙය විශේෂයෙන්ම පවතින්නේ බ්‍රිතාන්‍යයන් අතරයි. උතුරු කොරියාවෙන් අසන්නට ලැබූ පුවතට අනුව, ඔවුන් නිපදවූ න්‍යශ්ඨික අවිය හිරෝශිමාවට පතිත වූ බෝම්බයට වඩා දහසය ගුණයකින් ප්‍රභල වේ.

ඉදින් මෙවන් තත්ත්වයක් තුළ ලෝ වැසියා තම දිවි ගලවා ගැනීමට දැන්ම පටන් වෙනත් රටවලට පියාසර කිරීම පුදුමයක් නොවේ. මෙවන් තත්ත්යක් තුළ ජීවත් වීමට සුදුසුම රටවල් මේ ලෝකයේ පවතී ද? මොනවාද ඒ?

මෙම ලිපිය ඒ පිළිබඳවයි!  

න්‍යශ්ඨික යුද්ධය බොහෝ දෙනෙකුගේ සංත්‍රාසයට තුඩු දෙන සිතීමට පවා ඇඟ ලොමු ඩැහැ ගැන්වෙන සංසිද්ධියකි. ඇතැම් රටවල න්‍යශ්ඨික අවි ගබඩා කිරීම් පිළිබඳ සැල වන පුවත් හමුවේ ලෝ වැසියන් බිය වීම පුදුමයක් නොවේ. ලෝක යුද්ධ දෙකකට මුහුණ පෑ අප තුන්වන වරටත් ලෝක යුද්ධයක් ඇතිවේ දැයි බිය වන්නේ මේ නිසාවෙනි. මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-වුන් ගේ සය වන න්‍යශ්ඨික අත්හදා බැලීම තුළ හෙලිවූයේ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය කිලොටොන් 250 අන්තර්ගත වූ බවත්, පසුගිය වසර වලට සාපේක්ෂව එය ප්‍රමාණයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් ය.  ජියෝප්හිසිකල් රිසර්ච්: සොලිඩ් අර්ත් නම් පර්යේෂණ කෘතියේ උපකතෘ ත්‍රෝන් ලේ පවසා සිටියේ, 2006 සිට 2016 දක්වා උතුරු කොරියාව කළ අත්හදා බැලීම් වල සාධාරණව පාලනය කළ වර්ධනයක් පෙන්නුම් කළ බවත්, අත් හදා බැලූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝටොන් 1 වැනි ප්‍රමාණයක සිට කිලෝටොන් 20 දක්වා වැඩිවී ඇති බවත් ය. එහිදී පෙන්වූ සාධනය න්‍යශ්ඨික යුද්ධයක් සඳහා ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කළේය.

එහෙත් එක්වරම පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලොටොන් 250ක් වැනි ප්‍රමාණයක් කෙරේ උත්ක්‍රමණය වීම භීතිය උපදවන බවත්, මින් හැඟවෙන්නේ නිපදවූ අවිය අති විශාල එකක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්සිටියුට් ෆෝ ඉකොනොමික්ස් ඇන්ඩ් පීස් නම් ආයතනය විසින් සම්පාදිත ගෝලීය සාම දර්ශකයේ (The Global Peace Index) 2018 වර්ෂයේ දර්ශකයට අනුව පහත සඳහන් රටවල් සාමයෙන් ජීවත් වීමට සුදුසුතම රටවල් පහ ලෙස නම් කෙරිණ.

අයිස්ලන්තය

2008 වර්ෂයේ මනුශ්‍යයකුට සාමයෙන් ජීවත් වීමට සුදුසුතම රට ලෙස නම් කෙරුණු අයිස්ලන්තය මෙවර හොඳම රටවල් පහ අතරට පැමිණ ඇත.

මෙම කුඩා දිවයින වෙනත් රටවල් සමඟ සීමා මායිම් පවත්වා නොගන්නා බැවින් ආරක්ෂා සහිතව ජීවත් වීමට සුදුසුතම රටක් ලෙස පිළිගෙන තිබේ. අයිස්ලන්ත පුරවැසියන් බහුතරයක් ගිනිඅවි සන්තකයේ තබා ගත්තද, ගිනිඅවි මිළදී ගැනීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන් එරට අපරාධ වාර්තා වන්නේ බොහෝ අඩුවෙනි.

ගයිඩ් ටු අයිස්ලන්ඩ් නම් වෙබ් අඩවියට අනුව, අයිස්ලන්තයේ වාර්ෂික පුද්ගල ඝාතන අනුපාතය 0 – 1.5 අතර තරම් වූ කුඩා සංඛ්‍යාවකි.

නවසීලන්තය

2017 හා 2018 වර්ෂයන් වල සාම දර්ශකයේ දෙවන ස්ථානය හිමි වන්නේ නවසීලන්තයටයි. පෘථිවියේ එක් කොනක වෙනමම පවතින සාගරයෙන් වටවූ ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වී ජීවත් වීමට සුදුසුම රටක් ලෙස නවසීලන්තය පිළිගෙන තිබේ.

නවසීලන්තය ස්වයං-පෝෂණය වන රාජ්‍යයක් බවද පිළිගැනේ. රටෙන් අඩකටම විදුලිය ලැබෙන්නේ ජලවිදුලියෙන් වන අතර, සාරවත් පොළවක් හිමි දේශයක් බව පිළිගැනේ. මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක් වන අන්දමේ වනජීවී ගහණයක් ද එරට නොපවතින අතර, 2017 වර්ෂයේදී ඩෙන්මාර්කය ද සමඟ ලොව පවතින දූෂණය අවම රට බවට නවසීලන්තය පත්විය.

ඔස්ට්‍රියාව

2018 දර්ශකයේ තෙවන ස්ථානයට පත්වන්නේ ඔස්ට්‍රියාවයි. 2017 වර්ෂයේ එය පැවතියේ සිව්වන ස්ථානයේය. ගෝලීය සාම දර්ශකයට අනුව ඔස්ට්‍රියාව යනු යුරෝපය් දෙවනුවට සාමකාමීම රාජ්‍යය වේ.

පෘතුගාලය

පෘතුගාලය දෙවන ලෝක යුද්ධ සමයේදීම උදාසීන තත්ත්වයට පත් වූ අතර, ඉන් මත්තට විදේශීය ආක්‍රමණ වලට ලක් වූයේ නැත.

ඩෙන්මාර්කය

නෝර්ත් ඇට්ලාන්ටික් ට්‍රීටි නම් සංවිධානයේ තත්ත්වය හේතුවෙන් යුරෝපීය ගැටුමක දී ඩෙන්මාර්කය පීඩා විඳීමට ඉඩ ඇති මුත්, ග්‍රීන්ලන්ඩ් හි දේශපාලනිකව නොබැඳි කලාපය එයට අයත් වේ.

භූගෝලීය වශයෙන් ද කපා හැරි රාජ්‍යයක් වන ග්‍රීන්ලන්තය, තුන්වන ලෝක යුද්ධයකදී පීඩාවක සේයාවකට වත් ලක් නොවන රාජ්‍යයක් බවට සුරක්ෂිතව පවතිනු ඇත.

කෙසේ වෙතත්, ඩෙන්මාර්ක විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය (FCO) ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඩෙන්මාර්කයට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාර මැඬපැවැත්විය නොහැකි බවය.

ජීවත් වීමට නුසුදුසුම රටවල් මොනවාද?

2019 වර්ෂය වන විට ජීවත් වීමට නුසුදුසුම රටවල් ආරක්ෂිත හේතුන් මත සංචාරය කිරීමටද නුසුදුසුම රටවල් බවට නම්කෙරිණ.

ඉන්ටර්නැෂනල් එස්ඕඑස් හා කන්ට්‍රෝල් රිස්ක්ස් සංවිධාන පෙන්වා දෙන අන්දමට, ජීවත් වීමට හෝ සංචාරය කිරීමට නුසුදුසුම රටවල් වන්නේ මැදපෙරදිග රටවල් හා අප්‍රිකාව වේ.

ඇසෝසියේෂන් ඔෆ් බ්‍රිටිෂ් ට්‍රැවල් ඒජන්ට්ස් (ABTA) ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මෙම රටවල් වලට සංක්‍රමණය හෝ සංචාරය කරන්නේ නම් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ (FCO) උපදෙස් මත දැඩිව ක්‍රියාකළ යුතු බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි