×

සයිෆ් අලි ඛාන් පිහි ප්‍රහාරයකට ලක්වේ

බන්ද්‍රා පොලිසිය කොල්ලකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවති


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් බන්ඩ්‍රා (බටහිර) හි පිහිටි ඔහුගේ සහ බිරිඳ කරීනා කපූර්ගේ නිවසට කොල්ලකරුවෙකු කඩා වැදී එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අද(16)අලුයම 2.30ට පමණ සිදු වූ මෙම සිදුවීම හේතුවෙන් සයිෆ් අලි ඛාන් ලීලාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට ශල්‍යකර්මයක් ද කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලීලාවතී රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිරාජ් උත්තමානි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, නාදුනන පුද්ගලයකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයක් හේතුවෙන් සයිෆ්ට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් ගැඹුරු බවත්, ඉන් එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට සමීපයේ වන අතර ස්නායු ශල්‍ය වෛද්‍ය නිතින් ඩැන්ගේ, රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍ය ලීනා ජේන් සහ නිර්වින්දන වෛද්‍ය නිශා ගාන්ධි විසින් ඔහුට ශල්‍යකර්ම සිදු කරනු ලබන අතර ශල්‍යකර්මයෙන් අනතුරුව හානියේ ප්‍රමාණය සඳහන් කළ හැකි බවයි.

අනතුර සම්බන්ධයෙන් බන්ද්‍රා පොලිසිය කොල්ලකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර මේ වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි