×

පුංචි දියකිඳුරිය ගේ කතාවේ සෙබැස්ටියන් කකුළුවාට හඬ කැවූ රංගන ශිල්පී සැමුවෙල් රයිට් දැයෙන් සමුගනී

එක්සත් ජනපදයේ ප්‍රවීණ රංගන ශිල්පී සැමුවෙල් ඊ. රයිට් මහතා දැයෙන් සමුගෙන තිබේ.


ඔහු වඩාත් ජනප්‍රිය ඩිස්නි සමාගමේ ද ලිට්ල් මර්මේඩ් හෙවත් පුංචි දියකිඳුරිය ගේ කතාවේ සෙබැස්ටියන් නම් කකුළුවා ට හඬ කැවූ රංගන ශිල්පියා ලෙසයි.

මිය යන විට රයිට් මහතා 74 වන වියේ පසුවිය.

පුංචි දියකිඳුරිය ගේ කතාවේ සෙබැස්ටියන් නම් කකුළුවා සුවිශේෂී චරිතයක් ගනු ලබන්නේ සමස්ත කතාව පුරාවට හාස්‍යය මුසුකිරීමටත් සමුදුරේ රාජකීය උරුමයක් සහිත ඒරියල් නම් පුංචි දියකිඳුරිය ට අවවාද අනුශාසනා දෙමින් ළඟින්ම සිටින හොඳම සගයකු ලෙසත් ය.

එමෙන්ම, සෙබැස්ටින් නම් කකුළුවා හරහා ජැමෙයිකානු ජන සම්භවය පිළිබඳව ද එම කාටූනයේ යම් ඉඟියක් ලබා දේ.

සෙබැස්ටියන් නම් කකුළුවා විසින් ද ලිට්ල් මර්මේඩ් කතාන්දරයේ ගායනා කරන අන්ඩර් ද සී නම් ගීතය ද සැබවින්ම ගායනා කරන්නේ සැමුවෙල් ඊ. රයිට් මහතා විසිනි.

මෙම ගීතය ද ලිට්ල් මර්මේඩ් ළමා චිත්‍රපටයට සමගාමීව ඔස්කාර් සම්මානයෙන් මෙන්ම ග්‍රැමී සම්මානයෙන් ද පිදුම් ලබන ලදී.

රයිට් මහතා ගේ මරණය පිළිබඳ හොලිවුඩ් රිපෝටර් නම් සඟරාව වෙත තහවුරු කරනු ලැබුවේ ඔහුගේ දියණිය විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි