×

පැහැපත් සමට අභියෝග කරන සුරූපිණිය සෑන් රෙචල්

රෙචල් සමේ අඳුරු පැහැය තවත් එක් වර්ණයක් පමණක් බව ලෝකයා පිළි ගන්නා තෙක් මෙම පණිවුඩය රැගෙන යන බවට පවසයි.


ඉන්දියාවේ පැහැපත් සමක් පිළිබඳ උමතුවට අභියෝග කරන ඇය සෑන් රෙචල් ගාන්ධීය.

ඇය වෘත්තීමය නිරූපණ ශිල්පිනියකි. සමේ අඳුරු බව හේතුවෙන් ක්ෂේත්‍රයට පැමිණෙන විට ඇය අවස්ථා කිහිපයකදී සමච්චලයට ලක් වූ අතර ඒ හේතුවෙන්ම ඇය යම් අනාරක්ෂිත තත්වයකටද මුහුණ දී ඇති අතර ඇය මේ වන විට ඉන්දීය රූ රැජින තරඟයට පුහුණුවෙමින් සිටින බව පැවසේ.


විවිධ ආගමික හා ජාතික විවිධත්වයකින් යුතු ඉන්දියාවේ බොහෝවිට පැහැපත් සමකට ඇති පිළිගැනීම අඳුරු සමට නොමැත. නමුත් මෙම අභියෝගයට මුහුණ දෙමින් රෙචල් නිරූපණ සංදර්ශන කිහිපයක් පවත්වා ඇති අතර ප්‍රසිද්ධ ඇඟලුම් සන්නාම කිහිපයක නිරූපිකාවකි.

දක්ෂතාවය හා සමේ පැහැය අතර සම්බන්ධතවෙයක් නොමැති බවත්, රූමත්බව හා සමේ පැහැය අතර සම්බන්ධතාවයක් නොමැති බවත්, ප්‍රකාශ කරන රෙචල් සමේ අඳුරු පැහැය තවත් එක් වර්ණයක් පමණක් බව ලෝකයා පිළි ගන්නා තෙක් මෙම පණිවුඩය රැගෙන යන බවට පවසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි