×

ඊශ්‍රායලයේ නිමාවක් නොදකින සමරිසි භීතිකාව

එම පනතට අදාළව සහාය පළ කොට තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය අමිර් ඔහානා (ලිකුඩ් පාක්ෂික), සමාජ සුභසාධන අමාත්‍ය ඉස්තික් ෂිමුලි (කම්කරු පාක්ෂික) හා බ්ලූ ඇන්ඩ් වයිට් පාර්ශව සභාපති එයිටන් ගින්ස්බර්ග් යන නෙසෙට් සභිකයින් ය.


ඊශ්‍රායලයේ නෙසෙට් ව්‍යවස්ථාදායක සාමාජික පාලිත ඒකාබද්ධ පක්ෂ සභාපති මිකි සොහාර් විසින් නෙසෙට් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට එරෙහිව දන්ඩ සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

මීට හේතුව වී තිබෙන්නේ මෙම නෙසෙට් සභිකයින් තිදෙනා ඒකාබද්ධ පක්ෂය විසින් විරෝධය පළ කල පනතකට සහාය පළ කිරීමයි.

ඊශ්‍රායලයේ සමරිසි යුවල් හට දරුවන් හදාවඩා ගැනීමේ අවස්ථාව ලබාදීමට මෙම පනත ඉදිරිපත් වී තිබිණි.

අන්වාදේශ මව්වරුන් (surrogate mothers) හරහා බිහිවන දරුවන් මෙසේ සමරිසි යුවල් හට හදා වඩා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවට එම පනතෙන් පෙන්වා දී තිබිණි.

එම පනතට අදාළව සහාය පළ කොට තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය අමිර් ඔහානා (ලිකුඩ් පාක්ෂික), සමාජ සුභසාධන අමාත්‍ය ඉස්තික් ෂිමුලි (කම්කරු පාක්ෂික) හා බ්ලූ ඇන්ඩ් වයිට් පාර්ශව සභාපති එයිටන් ගින්ස්බර්ග් යන නෙසෙට් සභිකයින් ය.

මෙම පනත ඉදිරිපත් කොට තිබෙන්නේ යෙෂ් අතිඩ් පාක්ෂික නෙසෙට් සභික ඉදන් රෝල් මහතා විසිනි.

නෙසෙට් යනු ඊශ්‍රායලයේ ඒකීය ජාතික ව්‍යවස්ථාදායකයයි.

ඊශ්‍රායලය යනු සමරිසි භීතිකාව ඉහලින්ම ක්‍රියාත්මක වන රටක් බවට නොරහසකි. එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සමරිසි ව්‍යාපාර මර්දනය කිරීමට බලධාරීන් දෙවරක් නොසිතන බවයි.

සමරිසි මානව හිමිකම් ව්‍යාපාරයට අදාළව පවත්වන ලද සමීක්ෂණයක් හරහා පෙන්වා දී තිබෙන්නේ 2017 – 2018 කාලවකවානුව තුළ වැඩිම සමරිසි භීතික ක්‍රියාදාමයන් ඊශ්‍රායලය තුළ වාර්තා වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි