×

රාජස්ථාන් පාසල්වලට සනීපාරක්ෂක තුවා මිලදී ගන්නා යන්ත්‍ර

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාසල් දැරියන්ට 2019 නව අවුද්ද සඳහා අලුත් තෑග්ගක් ලැබීමට නියමිත ය.


ඉන්දීය රුපියල් කෝටි 76ක් මේ සඳහා යෙදවීමට නියමිත ය.

මෙය ඉන්දීය මහ ඇමතිනී වසුන්දරා රාජා විසින් 2018 පෙබරවාරියේදී ලබාදුන් පොරොන්දුවකි.

නව සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැඩපිළිවෙළ යටතේ රජයේ පාසල්වල ඉගෙනුම ලබනා දැරියන්ට සහ ගුරුවරියන් හට මෙම පහසුකම ලබාගත හැක.

මෙහි වයස් සීමාව ලෙස දක්වා තිබෙන්නේ අවුරුදු 15 සහ 45 වේ.

රාජස්ථානයේ කාන්තා සහ මිශ්‍ර රජයේ පාසල් 189 ක් තිබේ.

2018 වසරේදී ස්කොට්ලන්තය, ආර්තව දිළිඳු බව තුරන් කළ පළමු රට බවට පත්වූයේ ආර්තව වයසේ පසුවන කාන්තාවන්ට සහ දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම මගිනි.

නමුත් මෙම වැය බර දිගින් දිගටම රජයට දැරීමට නොහැකි නිසා එම වැඩසටහන පසුව අර්බුදයට ලක් විය.

එසේම ඉන්දියාවේදී මෙන්ම ස්කොට්ලන්තයේදී ද බෙදා දෙන මෙම සනීපාරක්ෂක තුවා, වරක් භාවිතා කර ඉවත දැමිය යුතු ඒවා වන අතර, ඒවා බැහැර කිරීම තුළ සිදුවන පරිසර හානිය පිළිබඳ ඔවුන් විසින් අවධානයක් යොමු කර නැත. සනීපාරක්ෂක තුවාවල අන්තර්ගත ප්ලාස්ටික් සහ විෂ රසානය සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර බව පර්යේෂණ රාශියකින් හෙළි වී තිබේ.

එසේ තිබියදීත් ලෝකය පරිසර හිතකාමී සහ නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවා වෙත යොමුවීමට ඉක්මන් නොවන්නේ වාණිජ පරමාර්ථ නිසා විය හැකි බව ක්‍රියාකාරීහු පවසති.

ශ්‍රී ලංකාවේ ද ආනයනයික සනීපාරක්ෂක තුවා මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම 2018 සැප්තැම්බර් මාසයේ සිදුවිය. එයින් දේශීය ව්‍යාපාරිකයන් දිරි ගැන්වීම සිදුවන අතරවාරයේම, කෘත්‍රිම සනීපාරක්ෂක තුවා භාවිතය දිරිමත් වන බවට දැඩි විවේචනයක් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් නැවත නැවතත් පාවිච්චි කළ  හැකි, පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාව මුල්කරගෙන ක්‍රියාත්මක වන නෙළුම්යාය පදනම ප්‍රකාශ කළේ, ‘‘ආර්තවය සඳහා බදු ගැසීම මෙන්ම ආර්තවය ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම‘ ද හෙළා දකින බව ය.

පෙර ලිපිය:

ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉවත් කිරීමේ නොපෙනුණු කතාව – ලෝකය දකිමින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි