×

40,0000ක් රිදවා 400ක් වෙනුවෙන් දුම්රියපළ නාම පුවරු කණපිට හැරවූ ඉන්දීය පාලකයෝ

ඉන්දීය පාලකයෝ හින්දු අධිරාජ්‍යයක් වෙනුවෙන් ඉන්දීය ඉතිහාසයද වෙනස් කරමින් සිටීති


උතුරු ඉන්දියාවේ උත්තර්ඛන්ද් හී සියළු දුමිරිය ස්ථාන වල නාම පුවරු සියල්ල පසුගියදා වෙනස් කෙරිණි. ඒ අනුව මෙතෙක් උර්දු භාෂාවෙන් ලියා තිබූ සියළු නාම පුවරු සංස්කෘත භාෂාවෙන් සටහන් කිරීමට එහි පාලන අධිකායරිය විසින් කටයුතු කරනු ලැබිනි.

භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන ප්‍රදේශයක් වූ  මෙහි උර්දු භාෂාව කථා කරන පුද්ගලයින් 40 0000 ට අධික පිරිසක් ජීවත් වන අතර සංස්කෘත භාෂාව භාවිතා කරන පිරිස සිටින්නේ 400 දෙනෙකු පමණි. එවන් පසුබිමක මෙසේ නාම පුවරු වෙනස් කිරීම පිළීබදව මේ වන විට බී ජේ පී පාලනයට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.
2011 සංගණන දත්ත වලට අනුව, ප්‍රාන්තයේ සංස්කෘත භාෂාව භාවිත කරන්නන් සංඛ්‍යාව 386 ක් වූ අතර එයට පිරිමින් 282 ක් හා කාන්තාවන් 104 ක් ඇතුළත් විය නමුත් උර්දු භාෂාව හසුරුවන්නන් ජනගහනයෙන් සියයට 4 කට වඩා වැඩි සංඛ්‍යාවක් 425,752 ක් වූ බව සදහන් වේ..

හිමාලයානු ප්‍රාන්තයක් වන මෙහි මිලියන 10ක ජනතාවක් වාසය කළ ද මෙසේ 400කටත් අඩු පිරිසක් සංස්කෘත භාෂාව යොදා ගනිමින් සන්නිවේදනය කරන පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම අසාධාරණ බව උත්තරඛන්ද් වැසියන් සඳහන් කරයි.

මෙම සිදුවීම එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජාතිවාදී පාලනයේ ස්වරූපය ඉස්මතු වූ තවත් අවස්ථාවක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.

උත්තර්ඛන්ද් ප්‍රාන්තයේ විපක්ෂය කොංග්‍රස් පක්ෂය මෙම තීරණය “අවාසනාව” ලෙස හැඳින්වීය.

“එය ඉතා අවාසනාවන්ත වන අතර එය සියල්ලන් විසින් හෙළා දැකිය යුතුය. කිසියම් භාෂාවකට වෛර කරන්නේ ඇයි? උත්තරාඛන්ඩ් ප්‍රදේශයේ කොන්ග්‍රස් කමිටුවේ සභාපති ප්‍රිතම් සිං පවසයි.

“කොන්ග්‍රස් පක්ෂය එය හෙළා දකී. එවැනි ඕනෑම තීරණයකට අපි විරුද්ධ වන්නෙමු. උර්දු භාෂාව මෙන්ම සංස්කෘත භාෂාවත් නාම පුවරුවේ තබා ගැනීම ගැන අපි ප්‍රාන්ත රජයට දන්වා සිටිමු.”

භාරතීය ජනතා පාලකයක් විසින් හිතාමතාම ඇති කරන මතභේද මේවා බව ඔහු පැවසීය.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී අසල්වැසි යූපී ප්‍රාන්තයේ අලහබාද් නමින් හැදින්වූ නගරය ප්‍රයාග්‍රාජ් ලෙසත් ෆයිසාබාද් , අයෝධ්‍යාව ලෙසත් නම් කළේ මධ්යකාලීන යුගයේදී මෝගල් පාලකයින් කළ වැරදි නිවැරදි කරන බව පවසමිනි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාෂය වන වරනාසි අසල පිහිටි මෝගල්සරෙයි දුම්රිය ස්ථානය එම වසරේම අගෝස්තු මාසයේදී ඩීන් දයාල් උපාධ්‍යා දුම්රිය ස්ථානය ලෙස නම් කරන ලදී.

භාරතීය ජනතා පක්ෂය පාලනය කරන තවත් බොහෝ රාජ්‍යයන් ඔවුන්ගේ සංස්කෘතික ජාතිකවාදයේ කොටසක් ලෙස මුස්ලිම් නම් සහිත නගර සහ නගර නම් වෙනස් කිරීමට සැලසුම් කරමින් සිටී.

සුප්‍රසිද්ධ ටජ්මහල පිහිටා ඇති අග්‍රාහි නම අග්‍රවාන් නොහොත් ගුජරාට් ප්‍රාන්තයේ අගනුවර වන අග්‍රවාල් සහ අහමදාබාද් යන නම කර්ණාවතී ලෙස වෙනස් කිරීමට දැනටමත් ඉන්දීය පාලකයන් කටයුතු කරමින් සිටී,

නාමකරණයෙන් නොනැවතී මේ වන විට මෙතෙක් පැවති ඉන්දීය ඉතිහාසය වෙනස් කිරීමටද ඉන්දීය හින්දුත්ව පාලක පක්ෂය කටුයුතු කරමින් සිටී.

ඉන්දීය ඉතිහාසයෙන් ඉස්ලාමීය අතීතය ඉවත් කිරීම හෝ නැවත ලිවීම මගින් ඉතිහාසය විකෘති කිරීමට උත්සාහ කිරීම සහ ජාතිය ගොඩනැගීම සඳහා මුස්ලිම්වරුන්ගේ දායකත්වය අමතක කරවීමට උත්සහ කිරීම පිළිබඳව භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව පාසැල් ඉතිහාසය විෂය මාලාවෙන් ක්‍රමයෙන් මෝගල් වරුන් ගේ ඉතිහාසය වෙනස් කර ඇති බව පැවසේ . මෝගල්වරුන්ගේ ජාතික කර්තව්‍ය්‍යන් ,ජයග්‍රහණයන් මේ අනුව දරුවන්ට ඉගැන්වීම නොකර ඉන්නට බීජේපී පාලකය කටයුතු කරමින් සිටී.

බී ජේපී මෙම ක්‍රියාකලාපය දකුණු බැංගලෝරයේ අසීම් ප්‍රේම්ජි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය චන්දන් ගවුඩා කියා සිටියේ භාරතීය ජනතා පක්ෂ හිංදුකරණයේ නිරයට ඉන්දියාව ඇද දමමින් තිබෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි