×

රෝගිය‍ෙකුට ආගම පොවන්නට හැදු හෙදියකගේ වැඩ තහනම්

ඇදහිල්ල යනු අයිතියක් වුවද අද කාලේ ආගම යනු මායාකාරී වචනයකි.


පිළිකා රෝගියෙකු හට බයිබලයක් ලබාදී එහි අඩංගු ස්තෝත්‍ර පවසන ලෙසට බලකල බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට  (NHS)  අයත් හෙදියකගේ වැඩ  ස්ථිර වශයෙන් තහනම් කර තිබේ.

මේ සතියේ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති පරිදි එම සිදුවීම මෙසේ ය.

සරා කුටේ නැමති මෙම හෙදියට මෙසේ සිය රැකියාවනැති වීමට බලපා තිබෙන්නේ 2016 වසරේ දී වසරේ දී රෝගීන් විසින් කළ පැමිණිල්ලකි. පනස් හැවිරිදි තිදරු මවක් වන මෙම හෙදිය Kent Dartford Danate Valley රෝහලේ රාජකාරි කළ අයෙකි.

2010 ජුනි 3 වැනිදා එම රෝහලට පැමිණි පිළිකා රෝගීන්ට බයිබලය ලබාදී මෙම හෙදිය කියා තිබෙන්නේ පිළිකා සුව වීම සඳහා තමන් සමඟ Pslam හෙවත් ගීතාවලී පවසන ලෙසය. ඒ අනුව රෝගියාට හෙදිය සමග the lord is my shepherd ස්තෝත්‍රය ගායනා කිරීමට සිදුවී තිබේ.

“ඔබ ළඟ බයිබලයක් නැතිනම් මම දෙන්නම්” හෙදිය ඉන්පසු ඔහුගේ අත තරයෙ ග්‍රහණය කරගෙන ඉතා වේගයෙන් සහ නැවත නැවතත් යාඥාව ක  යෙදී තිබේ ඉන්පසු බලෙන්ම වාගේ the lord is my shepherd – ගීතාවලී 23 හි පළමු කොටස ඇය සමඟ ම ගායනා කරවා තිබේ .
මෙය අතිශය කරදරකාරී සහ අප්‍රසන්න අත්දැකීමක් වූ බව  රොගියා පැමිණිල්ලේ දී ප්‍රකාශ කරයි.

පුදුමයක් නැත.එම රෝගියා රෝහලට ඇතුළත් වන රෝගී විස්තර පත්‍රිකාවේ සිය ආගම ගැන සඳහන් කර තිබුණේ open-minded විවෘත මනසකින් යුතුයි යනුවෙන්. එය ඔහුගේ ඇදහිල්ලේ අයිතිය ය.

හෙදියගේ මෙම  “ආගම් විකාරය” ප්‍රකට වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2016 අප්‍රේල් මාසයේදී රෝහලට පැමිණි  අතුණු බහන් පිළිකාවකින් පෙළෙන රෝගියකු සමඟ මෙම හෙදිය බොහෝ වේලාවක් කතා කර තිබෙන්නේ රාජකාරිමය කටයුතු රෝගය ගැන නොව බයිබලය ගැන ය.

මේ අතර ඒ මාසයේම තවත් රෝගියෙක් ඇය ව  මුණගැසීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඇගේ ආගම් දේශනාවට සවන් දීමට තමන්ට අවශ්‍ය නැති බව කියමිනි. අවසානයේ මෙහි දී පළමුවරට වැඩ තහනමට ලක්වන්නේ හෙදියන්ගේ ආචාරධර්ම සංග්‍රහය බරපතළ ලෙස කඩකිරීමේ චෝදනාවට ලක් වෙමිනි.

ha2017 වසරේදී මෙම තීන්දුවට එරෙහිව ඇය අභියාචනය කරයි එංගලන්තයේ හෙද සහ වින්නඹු මාතා කවුන්සිලය විසින් මෙම තහනම ඉවත් කරමින් ඇයව නැවතත් සේවය පිහිටුවා තිබේ. ඒ අතරම ඇය දෙවන වරටත් අභියාචනයකට යන්නේ අදාළ අධිකරණය NHS සෞඛ්‍ය සේවා ආචාර ධර්ම සංග්‍රහය නිසි ලෙස අර්ථ දැක්වීමට අසමත් වූ බව කියමිනි. ආගමික විශ්වාසයක් යෝග්‍ය පරිදි ප්‍රකාශයට පත් කිරීම යන්න නිසි ලෙස අර්ථ දක්වා නැති බව එහිදී ඇය තර්ක කර සිටී. එතනින් නොනැවතී ඇය පවසන්නේ  යුරෝපියානු මානව හිමිකම් සම්මුතිය නව වැනි වගන්තිය ප්‍රකාරව තමන්ගේ ආගම හෝ ආගමික විශ්වාසයන් ප්‍රකාශයට පත් කිරීමේ එසේත් නැතිනම් විද්‍යාමාන කිරීාම් නිදහසද තමන්ට  හිමි බවයි.

අවසානයේ මේ නාටකය හමාර වන්නේ බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයෙන් ය. එහිදී තමන් අසාධාරණ ලෙස සේවයෙන් පහ කර ඇති බවට ඇය සිදු කරන අභියාචනය  අභියාචනාධිකරණය විසින් ඉවත දමයි. රෝගීන්ට බෙහෙත් වෙනුවට ආගම පොවන්නට හැදුවේ මේ හෙදිය පිටු පසින් සිටියේ the christian legal center ය. නීතිමය අර්ථයෙන් මේ සටන තාමත් අවසාන නැති බව ද සඳහන් වේ.

ඇදහිල්ල යනු අයිතියක් වුවද අද කාලේ ආගම යනු මායාකාරී වචනයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි