×

හකබී නෝනා ආණ්ඩුකාර පදවියට තරග කරයි

ට්‍රම්ප් පරිපාලනයේ හොරණෑවක් වශයෙන් සැලකුණු සාරා හකබී සැන්ඩර්ස්, ආර්කැන්සාස් ජනපදයේ ආණ්ඩුකාර පදවියට තරග කිරීමට සැරසෙන්නේ ට්‍රම්ප්වාදය හෙවත් ‘ට්‍රම්පිසම්‘ අවසන්ව නැති බවට නියත වශයෙන්ම ඉඟි කරමිනි.


‘‘හකබි නෝනා‘‘ යනුවෙන් කුප්‍රකටව සිටි ඇය, ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනපතිවරයාව කොන්දේසි විරහිතව ප්‍රශංසා කරන්නටත්, ඔහු ගන්නා ඕනෑම අමනෝඥ තීරණයක් සාධාරණීකරණය කරන්නටත් සැරසී සිටි තැනැත්තියකි. ඇගේ කතා විලාසය, ඇය විසින් මාධ්‍ය සමග කළ ගනුදෙනුව යනාදී සියල්ලම පසුගිය සමය පුරාම ශීර්ෂපාඨ මැව්වේය.

ඇය ධවල මන්දිරයේ හිටපු මාධ්‍ය ප්‍රකාශිකාවයි. තවද මාධ්‍ය ලේකම්වරියයි. එම පදවියට පත් තෙවැනි කාන්තාව ඇය වන අතර, එම පදවියට පත් වූ, මවක් ද වන පළමු කාන්තාව ද ඇය වූවාය. නමුත් ඇය පවසන දේවල්වල විශ්වාසනීයත්වය පිළිබඳ දැඩි විවේචන එල්ල විය. පසුව ඇය කළේ, මාධ්‍ය සමග යහපත් සම්බන්ධයක් ගොඩ නගා ගැනීම සඳහා තිරය ඉදිරියේ සිට එක් දෙයක් කියා, තිරයෙන් පිටුපසට ගොස් ඔවුන් ‘ෂේප් කර ගැනීම‘ යි. ධවල මන්දිරයෙන් ඉවත් ව ගිය පසුව ෆොක්ස් නිව්ස් සමග සම්බන්ධ වන්නටත් ඇය උත්සුක වූවාය.

ට්‍රම්ප් පරිපාලනයට එල්ල වු මරු පහරක් ලෙස සැලකුණු 2016 ඇමරිකානු මැතිවරණයේ රුසියානු සම්බන්ධය පිලිබඳ ‘මුලර් පරීක්ෂණය‘ සිදුවන සමයේ ධවල මන්දිරයේ නිත්‍ය සේවිකාවක බවට පත් වූ සාරා සැන්ඩර්ස් හකබී, නිර්දය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ව ආරක්ෂා කළාය. ඇය, ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමට පෙර 2019 වසරේදී ධවල මන්දිරයෙන් ඉවත් ව ගියේ, එසේ කළ සෙසු අය මෙන් ට්‍රම්ප්ගේ දෝෂාරෝපණයට ලක් නොවීය. ඒ වෙනුවට ඇයට නිතරම ට්‍රම්ප්ගේ ආශිර්වාදය හිමිවන බව පෙනෙන්නට තිබුණේය. ඈ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට තබා තිබූ ට්විටර් සටහනක දැක්වෙන්නේ ‘‘ඇය නියම රණ ශූරියක්‘ යනුවෙනි.

සාරා හකබී සැන්ඩර්ස් දේශපාලන පවුලකින් පැවත එන්නියකි. ඇගේ පියා, හිටපු ආර්කැන්සාස් ආණ්ඩුකාර මයික් හකබී ය. ඔහු 1997 සිට 2007 වසර දක්වා එම ධුරය හෙබවීය.

The daughter of former Gov Mike Huckabee (pictured together in 2017), who served in that role from 1996 to 2007, Sanders had been widely expected to run for the office after leaving the White House

හකබී නෝනා ආණ්ඩුකාර පදවියට තරග කළ යුතුම බව ට්‍රම්ප් විවෘත වේදිකාවේදී ද බොහෝ වර කියා තිබේ. පසුගිය සඳුදා දිනයේ ට්විටර් හරහා වීඩියෝවක් මගින් සිය ආණ්ඩුකාර අපේක්ෂාව ගැන පැවසූ පසුව ඇයට ට්‍රම්ප්වාදීන්ගෙන් විශාල ආශිර්වාදයක් ද හිමි වෙමින් තිබේ.

එම ට්විටර් පණිවුඩය අපූරු එකකි. එහි සඳහන් වන ආකාරයට රිපබ්ලිකන් පක්ෂය බේරාගැනීමට පෙරමුණේ සිටින අවසන් සෙන්පතිනිය වන්නේ ඇයයි.

තවද එයට අනුව මේ වන විට වොෂින්ටනය පාලනය කරමින් සිටින්නේ ‘රැඩිකල් වාමාංශය‘ යි. අන්ත දක්ෂිණාංශිකයන්ට ඩිමොක්‍රටික් පක්ෂය ‘රැඩිකල් වමක්‘ ලෙස පෙනී යන බව එයින් පැහැදිලි ය. නමුත් එහි පුදුමයක් නැත. ඔවුන් සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් බව ය. මෙවැනි කොන්සවේටිව් රිපබ්ලිකානුවන් සිටින තාක් කල් ඇමරිකානු දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් වන අතර, කොංග්‍රස් බිල්ඩිමට පහර දීම වැනි ක්‍රියාවන් කොන්සවේටිව් ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි