×

ව්‍යාජ තනතුරක් සඳහා බිරිඳට වැටුප් ගෙවුවේ යැයි සාකෝසි ට එරෙහිව චෝදනා

2007 සිට 2012 වසර තෙක් ප්‍රංශ ජනපති ධූරය දැරූ සාකෝසිට එරෙහිව තවත් චෝදනා කීහිපයක්ම පැවති අතර ඔහු ධූරයෙන් ඉවත් වූ දා සිටද ඔහුට විරුද්ධව පැන නැගුන මහජන උද්ඝෝෂණ වලදීද හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සමග මූල්‍ය සම්බන්ධතා පැවති බවටද ඔහු චෝදනා ලැබීය.


 

සිය හිටපු බිරිඳ වන සිසිලියා ආටියාස් හට ව්‍යාජ තනතුරක් සදහා වැටුප් ගෙවී යැයි ප්‍රංශයේ හිටපු ජනපති නිකොලා සාකෝසි වෙත චෝදනා එල්ල වී ඇත. Le Canard Enchainé සඟරාව පවසන්නේ සාකෝසිගේ රජය සමයේ  සිසිලියා ආටියාස් හට පැය 72ක කාලයක් සදහා මසකට පවුම් 3100කට අධික මුදලක් ගෙවා ඇති බවයි. නමුත් ඇය විසින් දරන ලදැයි කියන තනතුරක් හෝ ඇය කිසිදු රාජකාරියක් කළ බවට සාක්ෂියක් නොපවතින බව මෙම පුවත් පත විසින් හෙළි දරවු කරයි. ඇය විසින් පාර්ලිමේන්තු සහායිකාවක ලෙස සේවය කළ බවට වැටුප් ගෙවා ඇතත් ඒවැනි තනතුරක් ඇයට තිබූ බවට සාකෝසි රජයේ නිළධාරීන් ප්‍රතික්ෂේප නොකරන මුත් අදාළ චෝදනාවන්ද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටී.

ඇය සේවය කළැයි කියන කාලය තුළ සිසිලියා සර්කෝසි සහ ජනපතිවරයා පිළිබද ලියා ඇති පුවත්පත් ලිපි මෙන්ම 2013 දී ප්‍රකාශයට පත් කරන ලද හිටපු ජනාධිපති ආර්යාවගේ ස්වයං චරිතාපදානය ද පරීක්ෂා කළද , ඇයගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවත් ලේ කැනාර්ඩ් පුවත් සඟරාව පවසයි. එමෙන්ම 2002 වසරේ දී ජනාධිපති ජැක් චිරැක් යටතේ සාකෝසි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරයට උසස් කරන විට, ඇය ජාතික සභාවේ කේන්ද්‍රීය දක්ෂිනාංශික පාර්ලිමේන්තු මන්ත්‍රී සහායිකාවක ලෙස සේවය කළ බව වාර්තා වේ. නමුත් ඒයද ස්වේච්ඡාවෙන් කළ සේවයක් බවට සදහන් වේ.

සාකෝසි රජයේ අගමැතිවරයා වූ ෆිලන්ට එරෙහිවද ලේ කැනාඩ් සගරාව විසින් පෙන්ලෝපෙගට් වංතාව පිළබදව 2017 වසරේදී කළ මෙවැනිම හෙළිදරවුවක් හේතුවෙන් ඒමෑනුවෙල් මැක්‍රොන්ට ජනපතිධූරයට පැමිණීමට මාවත විවිර විය.

2007 සිට 2012 වසර තෙක් ප්‍රංශ ජනපති ධූරය දැරූ සාකෝසිට එරෙහිව තවත් චෝදනා කීහිපයක්ම පැවති අතර ඔහු ධූරයෙන් ඉවත් වූ දා සිටද ඔහුට විරුද්ධව පැන නැගුන මහජන උද්ඝෝෂණ වලදීද හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සමග මූල්‍ය සම්බන්ධතා පැවති බවටද ඔහු චෝදනා ලැබීය.
සාකෝසි මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර හිටපු නිරූපිකාවක වූ සිසිලියා ආටියාස් සාකෝසි ජනපති වීමෙන් පසු 2007 ඔක්තෝබරයේදී ඔහුගෙන් දික්කසාද විය .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි