×

අද සිට සෞදි කතුන්ට තනිව විදෙස් ගමන් සඳහා අවසර

මෙතෙක් ඔවුන්ට විදෙස් ගමන් යෑමට පිරිමි භාරකරුවෙකුගේ අවසරය අවශ්‍ය විය


විදේශ රටවල් වෙත තනිව සංචාරය කිරීම සදහා සෞදි අරරාබියේ කාන්තාවන් සදහා මෙතෙක් තිබූ තහනම ඉවත් කරන්නට සෞදි අරාබි රජය තීරණය කර තිබේ.

මෙතෙක් සෞදි අරාබියේ කාන්තාවන් සදහා විදේශ රටවල සංචාරය කිරීමට හැකි වූයේ පිරිමි භාරකාරයෙකු සමග පමණි.නමුත් මින් පසු වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන් සදහා පිරිමි භාරකරුවෙකු ගේ අවසරයක් නොමැතිව විදෙස් ගමන් බලපතක් සදහා අයදුම් කළ හැකිවේ.

එමෙන්ම කාන්තාවන් හට පිරිමි භාරකරුවෙකු නොමැතිව විවාහය හෝ දික්කසාදය මෙන්ම නව දරු උපත් අව්ථාවලදීද ලියාපදිංචි කටුයුතු තනිව සිදු කිරීමට නොහැකිවේ.

සෞදි අරාබිය තුළ මෙතෙක් කාන්තා අයිතිවාසිකම් පැවති තත්ත්වය සම්බන්ධව එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ කාන්තාවන් ය එරට දෙවන පංතියේ පුරවැසියන් සේ සැළතකූ බවයි. නමුත් මේ වන විට කාන්තාවන් හට යම්තාක් දුරට ස්වාධීනව කටයුතු කිරීම සදහා අයිතිවාසිකම් ලබෙමින් පවතින බව ඔවුන් පවසයි.

එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් එරට කාන්තාව්න් වෙත පැවති බොහෝ සීමාවන් ඉවත් කිරීම සදහා පියවර ගණනාවක් ගනු ලැබීය. කාන්තාවන් සදහා රියදුරු බලපත් ගැනීම සදහා අවස්ථාව උදාකිරීම ඇතුළු අයිතීන් ගණණාවක් ඔහු විසින් තහවුරු කරනු ලබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි