×

අවන්හල්වලට ඇතුළු වීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මත පනවා තිබූ තහනම සෞදි රජය ඉවත් කරයි

.


 

අවන්හල්වලට ඇතුළු වීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මත සෞදි අරාබියේ මෙතෙක් පනවා තිබූ තහනමක් ඉවත් කිරීමට එරට රජය විසින් තීරණය කර ඇත.

මෙතෙක් එරට අවන්හල්වලදී කාන්තාවන් හා පුරුෂයින් ආහාර ගත යුතුව තිබුණේ වෙන් වෙන්ව වන අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තෙරව අවන්හල් වලට ඇතුළුවීමද නීතිවිරෝධී ක්‍රියාවක්ව පැවතින.
නමුත් හදුන්වා දුන් නව තත්ත්වය සමග වෙන් වෙන් පිවසුම් භාවිත නොකර දෙපිරිසටම එක් පිවිසුමකින් ඇතුළ වීමටත් ආහාර ගැනීඹටත් හැකියාව ලබා දී ඇත.

මීට පෙරදී පවුල් සහ කාන්තාවන් සදහා එක් පිවිසුමක්ද අනෙකුත් පිරිමින් සදහා තවත් පිවිසුමක්ද වශයෙන් අවන්හල් මෙන්ම පොදු ස්ථානද බෙදා වෙන් කර පැවතිනි. ඒ අනුව විශේෂයෙන්ම අවිවිාහක කාන්තාවන් හා පුරුෂයින් කිසිදු පොදු ස්ථානයකදී එක්ව ආහාර ගැනීම තහනම් විය.

එරට නාගරික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය පසුගිය ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය තවදුරටත් අනිවාර්ය නොවන බවයි

එරට රජය සඳහන් කරන්නේ. සෞදි අරාබියේ සමාජ ප්‍රතිසංස්කරණත් සමඟ මෙම වෙනස ආරම්භ වූ බව සඳහන්. සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු 2018 වසරේ සිට කාන්තා නිදහස වෙනුවෙන් ගත් එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලක් විය . ඒ අනුව කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් රිය පැදවීම සදහා අවසර ලබා දීම විනෝදාස්වාදී කටයුතු සදහා අවස්ථාව ලබා දීම ආදී තීරණයන් වෙයි.

කෙසේ වෙතත් මෙම වෙනස පිළි ගැනීමට අකමැති අවන්හල් හිමියන් සදහා තව දුරටත් පැවති නීතිය අනුව කටයුතු කළ හැකි බවද එරට රජය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි